ඉන්දියාවේ අහමදාබාද් නුවර, වයස අවුරුදු අසූව ඉක්මවූ සොහොයුරියන් දෙදෙනෙකු තම ස්කූටරයේ පැතිකාර් රථය සමඟින් නගරයේ වීදිවල ගමන් කරමින් බොහෝ දෙනාගේ සිත් දිනාගෙන තිබෙනවා.
මොවුන් දෙදෙනා ‘බයිකර් දාදිලා’ ලෙසයි එරට ජනතාව හඳුන්වන්නේ. 'දාදි' යනුවෙන් ඉන්දියාවේ හඳුන්වනු ලබන්නේ මිත්තණියන්.
මෙම සොහොයුරියන් දෙදෙනාම 87 වැනි විය පසුකළ අයයි.
මන්දාකිනි ෂා සහ ඇගේ බාල සොහොයුරිය වන ඌෂා බොලිවුඩයේ ජනප්‍රිය ෂෝලේ චිත්‍රපටයේ ආකාරයටම තම යතුරුපැදියෙන් නගරය පුරා සංචාරය කරන්නේ සැබෑ සිනමාපටයක් සිහිගන්වමින්.
මන්දාකිනි ෂා ඇගේ බාල සොහොයුරිය සමඟ සතුටින් යතුරු පැදි ගමන් බිමන් යන අතර, අහමදාබාද්හි තදබදයෙන් පිරුණු මාර්ගවල පවා පහසුවෙන් සහ විශ්වාසයෙන් යුතුව ගමන් කරනු දක්නට හැකියි.
මෙම වයසේදී ඇගේ මෙම උද්‍යෝගිමත් ගමනට හේතුව විමසූ විට, ඇය නොසැලෙන අභිමානයකින් පිළිතුරු දෙන්නේ "ඇයි එහෙම බැරි?" යනුවෙන්.
මන්දාකිනි ධාවනය කිරීමට ඉගෙන ගත්තේ වයස අවුරුදු 67 දී යි. ඇය නිතරම ස්වාධීනත්වය අගය කරන කාන්තාවක්.
ඔවුන්ට මෙය එක් ස්ථානයක සිට යතුරු පැදියකින් තවත් ස්ථානයකට යාම පමණක් නොව, එය ප්‍රීතියෙන්, නිදහසේ, සහ ලොකු ආඩම්බරයකින් යුතුව ගමන් කිරීමක් බවයි පවසා ඇත්තේ.
සොහොයුරියන් බොහෝ විට හිස්වැසුම් රහිතව ජනාකීර්ණ වීදි සහ කාර්යබහුල හන්දි හරහා ගමන් කරන අතර, ඔවුන්ගේ සාරි පට සුළඟේ ලෙළදෙන ආකාරය සහ බයිසිකලයේ ශබ්දය නරඹන්නන් විස්මයට පත් කරන බවයි පැවසෙන්නේ.
ඔවුන්ගේ මෙම උද්‍යෝගිමත් බයික් ගමන ඉක්මනින්ම සමාජ මාධ්‍යවල ජනප්‍රිය කතාවක් බවට පත්ව ඇති අතර, ඔවුන් තරුණ හා වැඩිහිටි රසික පිරිසක් දිනාගෙන තිබීම කැපී පෙනෙනවා.

Latest News
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026
ජර්මනියේ සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කිරීමට සැරසෙයි
Local
02 May 2026
බ්‍රිතාන්‍යයේ වෙසෙන අමෙරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි
Local
02 May 2026
වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි
Local
02 May 2026
මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට
Local
02 May 2026
පොහොය දා දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි
Local
02 May 2026
යුරෝපා සංගමයේ මෝටර් රථ සඳහා 25%ක් දක්වා බදු ඉහළ නැංවීමට ට්‍රම්ප් සැරසෙයි
Local
02 May 2026
ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්හි ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ
Local
02 May 2026
ඉදිකිරීම් කටයුතුවල අඛණ්ඩ වර්ධනයක්
Local
02 May 2026