International05 January 2026

මදුරෝ සහ බිරිඳ නිව්යෝර්ක් අධිකරණ සංකීර්ණයට ගෙන එයි



වෙනිසියුලාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ජනාධිපති නිකොලස් මදුරෝ නිව්යෝර්ක් අධිකරණය වෙත මාරු කර යවනු ලබන දර්ශන මේ වන විට නිකුත් වී තිබෙනවා.

මදුරෝ සහ ඔහුගේ බිරිඳ මෑන්හැටන් උසාවි ගොඩනැගිල්ලට පැමිණ ඇති අතර එහිදී ඔහුට එරෙහි චෝදනා ලැයිස්තුව අද පස්වරුවේ කියවීමට නියමිතයි.

මාංචු දමා සන්නද්ධ නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටින මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස් ට එරෙහිව විවිධ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් චෝදනා එල්ල කෙරෙනවා.

මදුරෝ සහ ෆ්ලෝරස් පසුගිය සෙනසුරාදා කරාකස්හි පිහිටි ඔවුන්ගේ නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර, විශේෂ බලකායේ මෙහෙයුමක කොටසක් ලෙස ඔවුන් ගුවන් මගින් එක්සත් ජනපදයට රැගෙන ආවා.

මේ අතරවාරයේ, වෙනිසියුලාවේ නව නායිකාව ලෙස ඩෙල්සි රොඩ්රිගස් එරට ජාතික සභාව ඉදිරියේ දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes