ඉන්දියාවේ මූලෝපායික සහ ආර්ථික අවශ්‍යතා ආරක්ෂා කර ගැනීමේ වැදගත් පියවරක් ලෙස, එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සවුදි අරාබියේ නිල සංචාරයක නිරත වී තිබුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් මත සිදුව ඇති මෙම සංචාරය මගින්, එක්සත් ජනපද-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුදමය තත්ත්වයේ බලපෑම හමුවේ ගල්ෆ් කලාපය සමඟ පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නවදිල්ලිය දරන උත්සාහය මැනවින් පෙන්නුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමාත්‍යාංශ මට්ටමේ පැවති මාධ්‍ය හමුවකදී ඉන්දීය විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් තහවුරු කර තිබුණේ, දොවාල් සවුදි බලශක්ති අමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා සහ එරට ආරක්ෂක උපදේශකවරයා සමඟ ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වූ බවයි.
"අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගල්ෆ් කලාපයේ රටවල් සමඟ පවතින අපගේ සබඳතා අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අප්‍රේල් 19 වන දින සවුදි අරාබියේ නිල සංචාරයක නිරත වුණා. එහිදී ඔහු සවුදි අරාබියේ බලශක්ති අමාත්‍ය, විදේශ අමාත්‍ය සහ තම සහකරු සමඟ සාකච්ඡා පැවැත්වූවා. කලාපීය ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමටත් මෙම හමුවීම් බෙහෙවින් උපකාරී වුණා," යනුවෙන් ජයිස්වාල් එහිදී පවසා තිබුණා.
මෙම සාකච්ඡා කලාපීය අස්ථාවරත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත් තීරණාත්මක අවස්ථාවක් මෙන්ම ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස ද හඳුන්වා දී තිබෙනවා.
එහිදී ඉන්දු-සෞදි සබඳතාවයේ වැදගත් වන "ප්‍රධාන කුළුණු" හතරක් කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ගෝලීය වෙළඳ මාර්ගවලට පවතින තර්ජන මධ්‍යයේ වුවද ස්ථාවර සැපයුම් දාමයන් සහතික කිරීම,
හෝමුස් සමුද්‍ර සන්ධිය සහ පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින ආරක්ෂක ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීම,
බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ සම්බන්ධීකරණය ඉහළ නැංවීම,
ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම ඒවායි.

Latest News
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
Local
15 July 2026
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක්
Local
15 July 2026
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026
අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්
Local
15 July 2026
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව කල් යයි
Local
15 July 2026
කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට
Local
15 July 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
Local
15 July 2026
මීගමුව බන්ධනාගාර ඛේදවාචකය: “ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය” සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි
Local
15 July 2026
ඉසුරුමුණි වටරවුමේදී සිසු සැරිය බස් රථයක් සහ යතුරුපැදියක් ගැටී දෙදෙනෙක් මරුට
Local
15 July 2026