International01 May 2026

ඉරාන වරායන් ඉලක්ක කර ගත් නාවික අවහිරතා අමෙරිකා යුද මෙහෙයුම්වල තවත් දිගුවක්

ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමෙරිකාව ක්‍රියාත්මක කරන නාවික අවහිරතා (Naval Siege) වොෂින්ටනය විසින් දියත් කළ හමුදා මෙහෙයුම්වල තවත් දිගුවක් බවත්, එය කිසිසේත්ම ඉවසා සිටිය නොහැකි බවත් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කරනවා.

ඉරානය සමඟ යළිත් යුද්ධයක් ආරම්භ කිරීමට "අපට අවශ්‍ය විය හැකි" බව පවසා ඇති අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා පිළිබඳ තොරතුරු දන්නේ තමන් සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු පමණක් බවයි පවසා ඇත්තේ.

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වන හඬ ඇසුණු බවත්, එය කුඩා ගුවන් යානා සහ ඔත්තු බැලීමේ ඩ්‍රෝන යානා මැඩපැවැත්වීමේ පියවරක් බවත් ඉරාන තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා.

දකුණු ලෙබනනයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් දිනක් තුළ පුද්ගලයින් 30කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, මෙය අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඇති කරගත් සටන් විරාම ගිවිසුම තවදුරටත් අස්ථාවර කිරීමට හේතු වී තිබෙනවා.

ගාසා තීරය වෙත යාත්‍රා කරමින් තිබූ 'Global Sumud' නෞකා පෙළෙහි සිටි ක්‍රියාකාරීන් 175 දෙනෙකු ජාත්‍යන්තර මුහුදේදී රඳවා ගැනීමට ඊශ්‍රායල හමුදා කටයුතු කර ඇති අතර, ඔවුන් ග්‍රීක බලධාරීන් වෙත භාර දීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇති බවයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙන්නේ.

Related recommendation
Hiru TV News | Programmes