General01 May 2026

මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද

අභිරහස් ලෙස මිය ගිය මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද (01) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ ඔහුගේ ගෙවත්තේ තිබියදී සොයාගැනුණා.

එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය ප්‍රකාශ කළ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කළේ, අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සිදුවූ ආකාරය තහවුරු වනු ඇති බවයි.

මෙලෙස මියගොස් තිබුණේ රංග නිශාන්ත නැමැති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර අධ්‍යක්ෂවරයෙක්.

50 හැවිරිදි වියේ පසුවන මොහුගේ කැපුම් තුවාල සහිත සිරුර කුලියාපිටිය - පහළවීරඹුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ තිබී ඊයේ දහවල් මෙලෙස සොයා ගත්තා.

මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නිලධාරියා දින ‍දෙකක් කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බවට පළමුව වාර්තා වී තිබුණත්, පසුව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ විමර්ශන සඳහා පැමිණ ඇති ඔහු ලැප්ටොප් පරිගනක ඇතුලු දත්ත උපකරණද විමර්ශන අංශ වෙත භාරදී තිබූ බවයි.
Related recommendation
Hiru TV News | Programmes