ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද රටක් ලෙස ආර්ථික ජයග්‍රහණ රැසක් අත්පත් කරගනිමින් සිටින තීරණාත්මක මොහොතක, මෙරට වැඩ කරන ජනතාව මෙවර මැයි දිනය සමරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
2026 ලෝක කම්කරු දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරමින් ජනාධිපතිවරයා අවධාරණය කළේ රට ගොඩනැගීමේ ගාමක බලවේගය වැඩ කරන ජනතාව බවයි.
2025 වසරේදී 1977න් පසු වාර්තා වූ අඩුම අයවැය හිඟය වාර්තා කිරීමටත්, 2007 වසරෙන් පසු වැඩිම රාජ්‍ය ආදායම සහ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමටත් රජය සමත් වූ බව ජනපතිවරයා පවසනවා.
භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 17 ඉක්මවා ඇති අතර, මෙරට ඉතිහාසයේ වැඩිම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ගලා ආ වසර ලෙස මෙය සනිටුහන් වන බවයි ඔහු පවසන්නේ.
දිට්වා (Ditwa) සුළි කුණාටුව, මැදපෙරදිග යුදමය තත්ත්වයන් සහ ඇමරිකානු තීරුබදු වැනි අභියෝග හමුවේ වුවද, නොබැඳි විදේශ පිළිවෙත මත පිහිටා විදෙස්ගත ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය තහවුරු කළ බව ජනාධිපතිවරයා පවසනවා.
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමටත්, වතු කම්කරු වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමටත් පියවර ගෙන ඇති අතර 2016 ජනවාරි 01 දිනෙන් පසු සේවයට එක් වූ රාජ්‍ය සේවකයන්ටද විශ්‍රාම වැටුප් හිමිකම ලබා දීමට රජය කටයුතු කර තිබෙන බවද සඳහන් කරනවා.
මහපොළ ශිෂ්‍යාධාරය රුපියල් 10,000කින් ඉහළ නැංවීම සහ කාන්තාවන් රාත්‍රී කාලයේ සේවයේ යෙදවීමේ නීති සංශෝධනය කිරීම හරහා ශ්‍රම වටිනාකම ඉහළ නංවා ඇති බවද පවසනවා.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ගොවි, ධීවර සහ සුළු පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් ඉතිහාසයේ වැඩිම වන්දි මුදල ලබා දෙමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට "Rebuilding Sri Lanka" වැඩසටහන ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා සිහිපත් කරන්නේ.
ඩිජිටල් ආර්ථිකය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ 'ක්ලීන් ශ්‍රී ලංකා' වැනි වැඩසටහන් හරහා "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ගොඩනැගීමේ සාමුහික ප්‍රයත්නයට එක්වන ලෙස ජනාධිපතිවරයා සමස්ත වැඩ කරන ජනතාවට සහෝදරාත්මකව ආරාධනා කරනවා.

Latest News
ඉරාන වරායන් ඉලක්ක කර ගත් නාවික අවහිරතා අමෙරිකා යුද මෙහෙයුම්වල තවත් දිගුවක්
Local
01 May 2026
මැයි මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
Local
01 May 2026
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද
Local
01 May 2026
ශ්රමයට නිසි ගෞරවය දෙන සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
Local
01 May 2026
"රජය කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමික අයිතීන් කප්පාදු කරනවා" - විපක්ෂ නායක
Local
01 May 2026
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් කැපවෙමු: ජනපතිගෙන් කම්කරු දින ආරාධනයක්
Local
01 May 2026
ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට 'අයන් බීම්' ලේසර් ආරක්ෂණ පද්ධතියක්
Local
01 May 2026
පුර පසළොස්වක පුන් පොහොය අදයි
Local
01 May 2026
රට පුරා අද මැයි රැලි රැසක්
Local
01 May 2026
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
Local
01 May 2026