අත්අඩංගුවේ පසුවන මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට මාරු කර ඇති බව එරට රජයේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
80 හැවිරිදි වියේ පසුවන ඇය, 2021 වසරේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයකින් ධුරයෙන් ඉවත් කළ දා සිට නේ පි ටෝ අගනුවර පිහිටි හමුදා බන්ධනාගාරයක රඳවා තබා ගනු ලැබුවා.
හමුදා නායක මින් අවුන් හ්ලයිං විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක සඳහන් වන්නේ, “ඇයගේ ඉතිරි සිරදඬුවම නියමිත නිවස්නයක ගෙවීමට හැකි වන පරිදි ඔහු විසින් ලිහිල් කර ඇති” බවයි.
අවුන් සාන් සූ කී බලයට පත්වූයේ 2015 වසරේදී එවකට සිටි පාලකයන් විසින් හඳුන්වා දුන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලින් පසුවයි.
ඊට පෙර, ඇය දශක ගණනාවක් පුරා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළ අතර, වසර 15කට වැඩි කාලයක් නිවාස අඩස්සියේ පසුවූවා.
රජයේ මාධ්‍ය විසින් ඇය නිල ඇඳුම් ඇඳගත් නිලධාරීන් දෙදෙනෙකු සමග වාඩි වී සිටින ඡායාරූපයක් විකාශය කර තිබෙනවා.
ඇයගේ පුත් කිම් ඇරිස් පවසන්නේ මෙම නිවේදනය පිළිබඳව තමාට සැකයක් පවතින බවත්, ඇය ජීවතුන් අතර සිටින බවට පවා තමාට සාක්ෂි නොමැති බවත්.
එම ඡායාරූපය 2022 වසරේ ගනු ලැබූ එකක් බැවින් එය "තේරුමක් නැති" එකක් බවයි ඔහු පවසා ඇත්තේ.
“මම බලාපොරොත්තු වෙනවා මෙය සත්‍යයක් වේවා කියලා. නමුත් ඇයව මාරු කර ඇති බව පෙන්වීමට මම තවමත් සැබෑ සාක්ෂියක් දැකලා නැහැ. ඒ නිසා, මට ඇය සමග සන්නිවේදනය කිරීමට ඉඩ දෙන තුරු, නැතහොත් වෙනත් කෙනෙකුට ස්වාධීනව ඇගේ තත්ත්වය සහ ඇය සිටින ස්ථානය තහවුරු කළ හැකි වන තුරු මම කිසිවක් විශ්වාස කරන්නේ නැහැ.” යනුවෙන් ඔහු බීබීසී පුවත් සේවයට පවසා තිබෙනවා.
මෙම නිවේදනයට පෙර ඇයගේ සෞඛ්‍ය තත්ත්වය හෝ ජීවන තත්ත්වය පිළිබඳව කිසිවක් දැන ගැනීමට නොතිබුණු අතර, වසර ගණනාවකින් ඇයගෙන් කිසිදු තොරතුරක් නොලැබුණු බව කිම් ඇරිස් පසුගිය දෙසැම්බර් මාසයේදී පවසා තිබුණා.
ඇයගේ නීතිඥ කණ්ඩායම රොයිටර් පුවත් සේවයට පවසා ඇත්තේ, ඇයව නිවාස අඩස්සියට පත් කිරීම පිළිබඳව ඔවුන්ට සෘජු දැනුම්දීමක් ලැබී නොමැති බවයි.
ඇයගේ නීතිඥයන් වසර තුනකට වැඩි කාලයකින් ඇයව දැක නොමැති අතර, ඇයගේ පවුලේ අයට වසර දෙකකට වැඩි කාලයකින් ඇය සමග කිසිදු සබඳතාවක් පැවැත්වීමට නොහැකි වී ඇති බව සඳහන්.
මෙම ප්‍රකාශයට පෙර ඇයගේ රුව දැකගත හැකි වූ එකම අවස්ථාව වූයේ 2021 මැයි මාසයේදීයි.
ඒ, හමුදාව විසින් ගොතන ලද චෝදනා ලෙස බොහෝ දෙනා ප්‍රතික්ෂේප කරන නඩු මාලාවක ආරම්භයේදී ඇය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එතැන් සිට ඇයට නියම වූ වසර 33ක සිරදඬුවම කිහිප වතාවක්ම අඩු කර තිබෙනවා.

Latest News
පක්ෂ රැසක මැයි දින රැළි ඇරඹේ
Local
01 May 2026
පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්
Local
01 May 2026
ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි
Local
01 May 2026
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්‍රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026
අපේ තීන්දු වර්ග දෙකයි: එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කැපීමට - ජනපති
Local
01 May 2026