General02 May 2026

හඳයාගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන තනූජ සම්පත් හෙවත් 'හඳයා' විසින් මෙහෙයවනු ලබන මත්ද්‍රව්‍ය ජාලයේ තවත් ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හිරිපිටිය සහ පන්නිපිටිය ප්‍රදේශවල සිදුකරන ලද සෝදිසි මෙහෙයුම්වලදීයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රන්දික ලක්ෂාන් හෙවත් 'බෝජා' සහ අජන්ත ධම්මික හෙවත් 'ගොතයා' යන ජාවාරම්කරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සන්තකයේ තිබී අයිස්, හෙරොයින් සහ කුෂ් මත්ද්‍රව්‍ය ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් එම මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටියකට අධික වන බවයි පොලිසිය සඳහන් කළේ.

Related recommendation
Hiru TV News | Programmes