හබරාදුව, කොක්වත්ත ප්‍රදේශයේ නිවසකට අද (03) අළුයම එල්ල වූ ප්‍රබල අකුණු සැර වැදීමකින් එම නිවසේ නවාතැන් ගෙන සිටි තරුණියක ජීවිතක්ෂයට පත්ව තවත් තරුණියක බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා.
මෙම සිදුවීම අද (03) අළුයම සිදුව ඇති අතර, අනතුරට මුහුණපා ඇත්තේ කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේ සේවිකාවන් දෙදෙනෙක්.
ඔවුන් දෙදෙනා රැකියාව සඳහා කොක්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික නිවසක නවාතැන් ගෙන සිට ඇති බව පොලිසිය පවසනවා.
අකුණු සැර වැදීමෙන් මියගොස් ඇත්තේ ඉමාෂා මදුභාෂණි නැමැති 26 හැවිරිදි තරුණියක්.
ඇය දෙනියාය, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකාරියක බව පොලිසිය සඳහන් කරනවා.
අනතුරින් බරපතල පිළිස්සුම් තුවාල ලැබූ අනෙක් තරුණිය ගාල්ල කරාපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇයගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
සිද්ධිය වන අවස්ථාවේ ප්‍රදේශයට තද වැසි සහිත කාලගුණයක් පැවති බවට වාර්තා වූ අතර, හබරාදුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනවා.
Latest News
“ගැහුවොත් ගහනවා, ඉවසුවා ඇති” : කඳුරට ජනතා පෙරමුණ පාරට බසී
Local
03 May 2026
සුඛෝපභෝගී රථවලින් මත්ද්‍රව්‍ය බෙදූ මහනුවර ප්‍රධාන ජාවාරම්කරුවෙක් කොටු
Local
03 May 2026
ශ්‍රී ලංකා හමුදාවේ සහ පොලීසියේ 1000ක් හයිටි සාම සාධක සේවයට
Local
03 May 2026
වනඅලි ප්‍රහාරයකින් කාන්තාවක් මරුට
Local
03 May 2026
දිල්ලියේ නිවාස සංකිීර්ණයක ගින්නක් : 09 දෙනෙකු ජීවිතක්ෂයට
Local
03 May 2026
අමෙරිකානු හමුදා ඉවත් කරගැනීමේ තීරණය කළින්ම අපේක්ෂා කළ එකක්: ජර්මනිය
Local
03 May 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ජූනි මාසයේදී
Local
03 May 2026
ආනයනික වාහන මිල ඉහළ යා හැකි බවට වාහන ආනයනකරුවන් කියයි
Local
03 May 2026
මහා භාණ්ඩාගාරයේ සිද්ධිය ගැන ජනපතිගේ නිහඬ පිළිවෙත ගැටළු සහගතයි - ෆ්‍රී ලෝයර්ස්
Local
03 May 2026
හබරාදුවදී නිවෙසකට අකුණු වැදී නිදහස් වෙළෙඳ කලාප සේවිකාවක මරුට - තවත් තරුණියකට බරපතලයි
Local
03 May 2026