ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (5) නියෝග කළා.
ඒ රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරිර ඇප 3ක් මතයි.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයෙක් ද අධිකරණයෙන් නිකුත් කෙරුණා.
මෙම නඩුකරය ඉකුත් 28 වැනදා කැඳවූ අවස්ථාවේදී සැකකාර කපිල චන්ද්‍රසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්කුසලරත්න විසින් මෙම ඇප ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා.
එම ඇප ඉල්ලීමට අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් එදින විරෝධය පළ කළා.
දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (05) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාලව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ගුවන් සේවා ඇමති ප්‍රියංකර ජයරත්නට සහ විලී ගමගේ නමැති අයට ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවීමක් සිදු කර ඇති බව අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැන්වුවා.
Latest News
තලපති විජේ බහුතරය පෙන්වීමට සැරසේ
හබරාදුවේ ඇඟලුම් සේවිකාවගේ මරණය අකුණු වැදීමෙන් නොව වහලයේ කොටස් හිසේ වැදීමෙන් බව හෙළි වෙයි
තංගල්ලේ දී පුද්ගලයෙකු අහසට වෙඩි තබයි
ලක්ෂ දෙකක අල්ලස් ගත්තැයි පෑලියගොඩ පොලිස් කොස්තාපල්වරයෙක් රිමාන්ඩ්
භාණ්ඩාගාරයේ මුදල් තෙවැනි පාර්ශවයකට ගිය සිද්ධිය ගැන විවාදයට ආණ්ඩුවේ එකඟතාව
මහජන බැංකුවට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට ඇප
මත්පැන් පානය ඉහළට
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ජාතික රෝහලේ සහ කොළඹ විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨයේ විශේෂ නිරීක්ෂණයක
පසුගිය මාසයේදී රේගුවෙන් වාර්තාගත ආදායමක්