Business05 May 2026

මහජන බැංකුවට ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 සම්මානය

 Global Banking & Finance Review Awards 2026 හිදී මහජන බැංකුවේ ආසියානු බැංකු ඒකකය (PBIBU) ශ්‍රී ලංකාවේ හොඳම ආසියානු බැංකුව 2026 ලෙස සම්මානයට පාත්‍ර විය.

මෙම ජයග්‍රහණය සඳහා PBIBU ඒකකයේ ස්ථාවරතාව, විශ්වාසනීයතාව සහ ලාභ මට්ටම්වල නිරන්තර වර්ධනය හේතු වී ඇති අතර, 2022, 2023 සහ 2025 වසරවලද මහජන බැංකුවට සමාන සම්මාන හිමිව තිබේ.

එමෙන්ම ගනුදෙනුකරුවන් සමඟ පවතින ශක්තිමත් සබඳතා සහ උසස් සේවා ගුණාත්මකභාවය, දීර්ඝකාලීන ව්‍යාපාරික වර්ධනයට දායක වන ප්‍රධාන කරුණු ලෙසද මෙහිදී අවධාරණය කරයි.

Global Banking & Finance Review Awards යනු ලෝක පුරා බැංකු සහ මූල්‍ය ආයතන අතර විශිෂ්ටත්වය ඇගයීමට ලක් කරන සම්මාන වැඩසටහනක් වන අතර, නවෝත්පාදන, සේවා ගුණාත්මකභාවය සහ සමස්ත ක්ෂේත්‍ර දායකත්වය මත මෙම සම්මාන ප්‍රදානය කරනු ලැබේ.

Related recommendation
Hiru TV News | Programmes