තංගල්ල, කුඩාවැල්ල ධීවර වරාය පරිශ්‍රයේදී විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියකින් අහසට වෙඩි තබා පුද්ගලයින් බියගැන්වූ බව කියන 72 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරකට අනුව, ඊයේ (05) දින කුඩාවැල්ල ධීවර වරාය තුළ මෙම වැටලීම සිදුකර තිබුණා.
සැකකරු ඊයේ (05) රිවෝල්වර වර්ගයේ ගිනි අවියකින් අහසට වෙඩි තබමින් මහජනතාව බියගන්වා සිට ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, ඊට භාවිතා කරන පතොරම් කිහිපයක් තිබී ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාකුළුගමුව, පහජ්ජාව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙක්.
සැකකරු කුමන හේතුවක් මත මෙලෙස වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සහ ගිනි අවිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා තංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
Latest News
අධිකරණයේ ස්වාධීනත්වයට විධායකයේ අතපෙවීම්වලට එරෙහිව විපක්ෂය විවාදයක් ඉල්ලයි
Local
06 May 2026
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව ව්‍යාපාරික සැලැස්මක්
Local
06 May 2026
NDB බැංකුවේ සිදුවූ බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ අධීක්ෂණය ගැන රවී ප්‍රශ්න කරයි
Local
06 May 2026
විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි: තමිල්නාඩු ආණ්ඩුව පිහිටුවන්න සාහාය
Local
06 May 2026
විද්‍යා ඝාතන නඩුවේ ස්විස් කුමාර් ඇතුළු සිව්දෙනෙකුගේ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
Local
06 May 2026
ඉරාන විදේශ ඇමති චීනයට
Local
06 May 2026
ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනක් කොල්ල කාලා
Local
06 May 2026
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙවරක් මුදල් ගෙවලා: කෝටි 50ක මූල්‍ය අක්‍රමිකතාවක් ගැන ‘Free Lawyers’ හෙළිකරයි
Local
06 May 2026
ගෙමිදුලේ වැට පිළිසකර කරමින් සිටි අයෙක් ග්‍රයින්ඩරයට ගෙල කැපී මරුට
Local
06 May 2026
ටී-56 පතරොම් තොගයක් සහ මැගසිනයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Local
06 May 2026