International07 May 2026

යුද්ධය අවසන් කිරීම සඳහා වූ අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය කියයි

පවතින යුද ගැටුම් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට ආසන්න බවට පළ වන වාර්තා මධ්‍යයේ, යුද්ධය අවසන් කිරීම සඳහා වන අමෙරිකානු යෝජනාව තවමත් සලකා බලමින් සිටින බව ඉරානය පවසනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඉරානය සමග කරුණු 14කින් යුත් අවබෝධතා ගිවිසුමකට එළඹීමට හැකි වනු ඇතැයි ධවල මන්දිරය විශ්වාසය පළ කරන බවයි.

කෙසේ වෙතත් ඉරාන බලධාරින් පෙන්වා දෙන්නේ, අමෙරිකානු යෝජනාව පිළිබඳ ටෙහෙරානයේ අදහස් පාකිස්ථාන මැදිහත්කරුවන් සමග බෙදා ගන්නා බවයි.
Related recommendation
Hiru TV News | Programmes