International20 May 2026

චීනයට අඛණ්ඩව බලශක්තිය සැපයීමට පුටින් සූදානමින්

චීනයට අඛණ්ඩව බලශක්තිය සැපයීමට රුසියාව සූදානම් බව රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම චීනය වෙත අඛණ්ඩව තෙල් සහ ගෑස් සැපයීමට ද රුසියාව සූදානමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

රුසියාව සහ චීනය අතර පවතින වෙළඳාම, බාහිර බලපෑම්වලින් සහ ගෝලීය වෙළඳපොළේ පවතින අහිතකර ප්‍රවණතාවලින් ආරක්ෂා වී ඇති බවයි ජනපතිවරයා පෙන්වා දී තිබෙන්නේ.

දෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අද (20) බීජිං අගනුවරදී චීනයේ ජනාධිපති ෂී ජිං පින් හමුවුණා.

-BBC-
Related recommendation
Hiru TV News | Programmes