International26 May 2026

හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව්වල ආරක්ෂාවට "ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්" මෙහෙයුම යළි අරඹයි

මැදපෙරදිග කලාපයේ පවතින දැඩි නොසන්සුන්කාරී වාතාවරණය හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරන වාණිජ නැව් සඳහා ආරක්ෂාව සැපයීමේ විශේෂ මෙහෙයුම් අමෙරිකානු නාවික හමුදාව විසින් යළි ආරම්භ කර තිබෙනවා.

"ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්" (Project Freedom) ලෙස නම් කර ඇති මෙම ආරක්ෂක වැඩපිළිවෙල යටතේ නැව් ආරක්ෂිතව එතෙර කිරීමේ මෙහෙයුම් මෙලෙස යළි පණ ගන්වා ඇති බව (Wall Street Joual) පුවත්පත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමෙන් පසු අමෙරිකානු නාවික හමුදාවේ පූර්ණ ආරක්ෂක රැකවරණය යටතේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ පළමු වාණිජ නෞකාව බවට පත්ව ඇත්තේ ග්‍රීසියට අයත් සුපිරි බොරතෙල් ප්‍රවාහන නෞකාවක්.
Related recommendation
Hiru TV News | Programmes