General07 June 2026

CBL සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය වික්‍රමසිංහ අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික ආයතනයක් වන සීබීඑල් (CBL) සමූහ ව්‍යාපාරයේ සභාපති රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහ ඊයේ (06) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ අභාවය පිළිබඳව සීබීඑල් සමූහය දැඩි කණගාටුව පළ කරමින් නිල නිවේදනයක් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කර තිබෙනවා.

සිය දිගුකාලීන නායකයා වෙත උපහාර පුද කරමින් සීබීඑල් සමූහය සඳහන් කර සිටින්නේ, වික්‍රමසිංහ මහතා සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැගීමට පමණක් නොව, රැකවරණය, අඛණ්ඩතාව සහ නවෝත්පාදනය පදනම් කරගත් ප්‍රජාවක් බිහිකිරීම වෙනුවෙන්ද තම ජීවිතය කැප කළ දූරදර්ශී නායකයෙකු වූ බවයි.

ඔහුගේ විශිෂ්ට නායකත්වය සහ දැක්ම හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඉහළ පිළිගැනීමකට ලක්වූ බවත්, ඔහුගේ කරුණාවන්තකම සහ මානුෂීය ගතිගුණ ඔහුව ඇසුරු කළ සැමගේ හදවත් ස්පර්ශ කළ බවත් සමාගම පවසනවා.

"ඔහු තම ජීවිතය කැප කළේ හුදෙක් සමාගමක් ගොඩනැගීමට පමණක් නොව, රැකවරණය, අවංකභාවය සහ නවෝත්පාදනය මුල් කරගත් සමස්ත ප්‍රජාවක්ම නිර්මාණය කිරීමටයි. ඔහුගේ දූරදර්ශී වැඩපිළිවෙළ ශ්‍රී ලංකාව ලෝක සිතියමේ සනිටුහන් කිරීමට සමත් වූ අතර, ඔහුගේ කරුණාව සහ මානුෂීයත්වය ඔහුව හඳුනන සැමගේ ජීවිතවලට ආලෝකයක් වුණා" යැයි සීබීඑල් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related recommendation
Hiru TV News | Programmes