ලබන බ්‍රහස්පතින්දා (11) ආරම්භ වීමට නියමිත 2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී තමන් අමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමට සහයෝගය දක්වන බව කතෝලික සභාවේ ප්‍රථම අමෙරිකානු පාප්වහන්සේ වන 14 වැනි ලියෝ පාප්වහන්සේ නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.
රෝමයේ සිට මැඩ්රිඩ් බලා ගමන් ගත් රාජ්‍ය තාන්ත්‍රික ගුවන් යානය තුළදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් උන්වහන්සේ කියා සිටියේ, "මම අනිවාර්යයෙන්ම අමෙරිකාවට සහය දෙනවා. මට තරග කීයක් නැරඹීමට හැකිවෙයිද කියා මා දන්නේ නැහැ, නමුත් මම ඔවුන්ට සුබ පතනවා" යනුවෙන්.
චිකාගෝ නුවර උපත ලැබූ රොබට් ප්‍රිවෝස්ට් (Robert Prevost) නමැති උන්වහන්සේ පාප්වහන්සේ ලෙස පත්වීමට පෙර දශක කිහිපයක් පේරු රාජ්‍යයේ මිෂනාරිවරයෙකු සහ බිෂොප්වරයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
පසුගිය වසරේදී උන්වහන්සේ ප්‍රකාශ කර තිබුණේ අමෙරිකාව සහ පේරු අතර තරගයකදී තමන් පේරු රාජ්‍යයට සහය දෙන බව වුවද, මෙවර ලෝක කුසලානය සඳහා පේරු රාජ්‍යය සුදුසුකම් ලබා නොගැනීම හේතුවෙන් මෙලෙස අමෙරිකාවට උන්වහන්සේගේ ආශිර්වාදය හිමිව තිබෙනවා.
එමෙන්ම, ස්පාඤ්ඤයේ පවතින සුපිරි පාපන්දු තරගකාරීත්වයක් වන 'රියල් මැඩ්රිඩ්' (Real Madrid) සහ 'බාසිලෝනා' (Barcelona) කණ්ඩායම් දෙකෙන් උන්වහන්සේ වඩාත්ම කැමති කණ්ඩායම කුමක්දැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට උපහාසාත්මක පිළිතුරක් දෙමින් පාප්වහන්සේ සඳහන් කළේ, "පාප්වහන්සේ ඉන්නේ හැම කණ්ඩායමක් සමඟමයි, හැබැයි ප්‍රිවෝස්ට් (උන්වහන්සේගේ පෞද්ගලික නාමය) ඉන්නේ රියල් මැඩ්රිඩ් සමඟයි" යනුවෙන්.
ස්පාඤ්ඤයේ සහ කැනරි දූපත්හි සතියක නිල සංචාරයක් ආරම්භ කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මූලාශ්‍ර - wionews / sky news

Latest News
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ලකුණු සටහන උඩුයටිකුරු වෙයි : ශ්‍රී ලංකාව තුන්වැනි ස්ථානය දක්වා ඉදිරියට
Local
08 June 2026
ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි ඒකල ශූරතාවය තීරණාත්මක සටනකින් පසු ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව්ට
Local
08 June 2026
ඉන්දියාවේ උපායමාර්ගික ස්වාධීනත්වයට පුටින්ගෙන් දැඩි සහයෝගයක්
Local
07 June 2026
"FIFA ලෝක කුසලානයේ මගේ සහාය අමෙරිකාවට" : පාප්වහන්සේ
Local
07 June 2026
"දේශපාලන බලය තාවකාලිකයි; මහජන විශ්වාසය එසේ නොවේ" - ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නැයි අලි සබ්රිගෙන් සටහනක්
Local
07 June 2026
ඓතිහාසික මොනාකෝ FIA ෆෝමියුලා 3 තරග බිමේදී යෙවාන් ඩේවිඩ්ගෙන් අතිවිශිෂ්ට ධාවනයක්
Local
07 June 2026
Monaco Grand Prix මෝටර් රථ තරගාවලියේ ජයග්‍රහණය ඇන්ටොනෙලී සතු වෙයි
Local
07 June 2026
කොදෙව් නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රි ලංකා නැගී එන කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ
Local
07 June 2026
උපවාසයක සිටි සලේ ජාතික රෝහලට
Local
07 June 2026
තෙල් නිෂ්පාදන කෝටා ඉහළ දැමීමට OPEC සංවිධානය තීරණය කරයි
Local
07 June 2026