International08 June 2026

බටහිර සහ මධ්‍යම ඉරානයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර - මිලිටරි ඉලක්ක රැසකට දැඩි හානි

බටහිර සහ මධ්‍යම ඉරානයේ පිහිටි, "ඉරාන ත්‍රස්ත පාලන තන්ත්‍රයට අයත්" හමුදා මූලස්ථාන සහ මිලිටරි ඉලක්ක වෙත තම ගුවන් හමුදාව සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

ඉරානය විසින් පසුගියදා එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ගුවන් ප්‍රහාර දියත් කර ඇති අතර, ප්‍රහාරවලින් සිදු වූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය කර නැහැ.
Related recommendation
Hiru TV News | Programmes