International08 June 2026

දූෂණ චෝදනාවලට වැරදිකරු වූ ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ටිබෙට් ස්වයංපාලන කලාපයේ හිටපු රාජ්‍ය නායක චේ ඩල්හා දූෂණ චෝදනාවලට වැරදිකරු කරමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇති බව චීනයේ නිල Xinhua පුවත් ඒජන්සිය වාර්තා කළා.

'කිෂාලා' යන නමින් ද හැඳින්වෙන, ටිබෙට් ජාතිකයෙකු වන 67 හැවිරිදි චේ ඩල්හා, චීනයේ නිරිතදිග දේශසීමා කලාපයන් වන ටිබෙටය සහ යුන්නාන් හි මෙන්ම බීජිං නුවර විවිධ තනතුරු දරමින් සේවය කළ කාලය තුළ මෙම වංචාවන් සිදුකර ඇති බව අධිකරණයේදී අනාවරණය වුණා.

ඒ අනුව, 1999 සිට 2025 දක්වා වූ කාලසීමාව තුළ ඔහු නීතිවිරෝධී ලෙස යුවාන් මිලියන 158කට වඩා වැඩි (ඇමරිකානු ඩොලර් මිලියන 23.35ක් පමණ) මුදලක් උපයාගෙන ඇති බව චීනයේ නිරිතදිග චොංචිං නගරයේ අධිකරණයක් විසින් තීන්දු කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes