ඉන්දීය රජය විසින් ටෙලිග්‍රෑම් (Telegram) පණිවුඩ හුවමාරු යෙදවුම තාවකාලිකව අවහිර කරමින් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා එම සමාගම කළ ඉල්ලීම දිල්ලි මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දිල්ලි මහාධිකරණ විනිසුරු තේජස් කාරියා ප්‍රකාශ කර ඇත්තේ, ප්‍රධාන වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයක රහස්‍යභාවය සහ අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය ගත් මෙම ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල මෙන්ම සාධාරණ වන බවයි.
ජූනි 16 වැනිදා සිට ජූනි 22 වැනිදා දක්වා ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති මෙම තාවකාලික තහනම, ලොව වැඩිම ජනගහනයක් සහිත ඉන්දියාව තුළ මේ වන විට දැඩි කතාබහක් සහ විවාදයක් මතු කර තිබෙනවා.
නිදහස් මතධාරීන් සහ ඩිජිටල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ, රජයට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මෙවැනි සන්නිවේදන වේදිකාවන් අවහිර කිරීමට මෙමඟින් භයානක පූර්වාදර්ශයක් සපයන බවයි.
'ඉන්ටර්නෙට් ෆ්‍රීඩම් ෆවුන්ඩේෂන්' (Inteet Freedom Foundation) ආයතනය එක්ස් (X) ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත්තේ, මෙම තීන්දුව විවෘත අන්තර්ජාල භාවිතයට අහිතකර ලෙස බලපාන කනගාටුදායක පූර්වාදර්ශයක් බවයි.
පසුගිය මාසයේ පැවැත්වුණු වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගයේ ප්‍රශ්න පත්‍ර කාන්දු වී ඇති බවට එල්ල වූ චෝදනා හමුවේ එහි ප්‍රතිඵල අවලංගු කිරීමට රජය පියවර ගත්තේය. ඉන් අනතුරුව, එම ප්‍රශ්න පත්‍ර ව්‍යාප්ත වීමට ටෙලිග්‍රෑම් යෙදවුම භාවිත වී ඇති බවට හඳුනාගැනීමත් සමඟ රජය මෙම අවහිර කිරීම සිදුකර ඇත. ඉන්දියාව තුළ මිලියන 150කට අධික පරිශීලකයන් පිරිසක් සිටින ටෙලිග්‍රෑම් සමාගමේ විශාලතම වෙළෙඳපොළ වන්නේ ද ඉන්දියාවයි.
රජය අධිකරණයේදී තර්ක කර ඇත්තේ ටෙලිග්‍රෑම් යෙදවුම හරහා දුරකථන අංක සහ පරිශීලක අනන්‍යතාවන් (Useames) වසන් කරමින් සන්නිවේදනය කළ හැකි වීමත්, අවහිර කරනු ලබන චැනලයන් (Channels) ඉතා පහසුවෙන් නැවත නිර්මාණය කිරීමට ඇති හැකියාවත් නිසා නීතිය බලාත්මක කිරීමේදී දැඩි අභියෝග මතු වන බවයි.
ටෙලිග්‍රෑම් හි නිර්මාතෘ පාවෙල් දුරොව් මෙම තහනම ප්‍රසිද්ධියේ විවේචනය කරමින් කියා සිටියේ, ප්‍රශ්න පත්‍ර කාන්දු කළ පිරිස් වෙනත් සන්නිවේදන මාර්ග වෙත යොමුව තිබියදී, මෙවැනි තහනමකින් සිදුවන්නේ නිකරුණේ සාමාන්‍ය පරිශීලකයන් පිරිසක් අපහසුතාවයට පත්වීම පමණක් බවයි.
එමෙන්ම රජය විසින් තමන් ලබාදුන් දායකත්වය හිතාමතාම මඟ හැර ඇති බවට ටෙලිග්‍රෑම් සමාගම අධිකරණයේදී චෝදනා කළේය. නීති විරෝධී ලෙස විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ ලින්ක්ස් (Links) 900කට අධික ප්‍රමාණයක් තමන් විසින්ම ක්‍රියාකාරී ලෙස ඉවත් කිරීමට පියවර ගෙන තිබූ බවද සමාගම සඳහන් කර සිටිනවා.
මෙම තාවකාලික තහනම් නියෝගය නිකුත් වී පැය කිහිපයක් ඇතුළත ඉන්දීය විදුලි සංදේශ සමාගම් මෙන්ම අමෙරිකානු තාක්ෂණික දැවැන්තයින් වන ගූගල් (Google) සහ ඇපල් (Apple) සමාගම් ද සිය යෙදවුම් ගබඩාවලින් (App Stores) ටෙලිග්‍රෑම් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබුවා.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජය සහ ගෝලීය තාක්ෂණික දැවැන්තයෙකු අතර 2026 වසරේදී සිදුවූ විශාලතම අධිකරණමය ගැටුම ලෙස මෙය වාර්තා වෙනවා.
පසුගිය වසරේදී ද අන්තර්ගතයන් ඉවත් කිරීමේ නියෝග සම්බන්ධයෙන් ඊලෝන් මස්ක් සතු එක්ස් (X) සමාගම සහ ඉන්දීය රජය අතර දැඩි නීතිමය අර්බුදයක් හටගත් අතර, ඉන් අනතුරුව අන්තර්ගතයන් ඉවත් කිරීමට නියෝග දිය හැකි රජයේ නිලධාරීන් සංඛ්‍යාව සීමා කිරීමට ද රජය පියවර ගෙන තිබුණා.
මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවය (Reuters) කළ විමසීම්වලට ටෙලිග්‍රෑම් සමාගම හෝ ඉන්දීය රජය මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැහැ.

Latest News
තායිලන්තයේ සිට රුපියල් මිලියන 75ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට ගෙන ඒමට තැත් කළ අයෙකු කටුනායකදී අත්අඩංගුවට
Local
19 June 2026
මොස්කව් නුවර ‘Let’s Travel’ ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ඇගයීමක්
Local
19 June 2026
සජින් වාස්ගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීම සලකා බැලීමට අධිකරණය දිවුරුම් ප්‍රකාශ ඉල්ලයි
Local
19 June 2026
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරීවරයාට ඇප
Local
19 June 2026
තෙල්දෙණිය සිද්ධියේ සැකකාර පෙම්වතා වෙස් මාරු කර තරුණියන් රැවටූ විවාහකයෙක් - තට්ට හිසක් සහිත ඔහු බොරු කොණ්ඩයක් දමා තරුණියන් රවටලා
Local
19 June 2026
අම්බලන්ගොඩ ආශ්‍රිතව හෙට විශේෂ රථවාහන සැලැස්මක්
Local
19 June 2026
ඉන්දියාවේ ටෙලිග්‍රෑම් තහනම ස්ථිරයි - රජයේ ක්‍රියාමාර්ගය නීත්‍යානුකූල බවට දිල්ලි මහාධිකරණය තීන්දු කරයි
Local
19 June 2026
කලින් ලාභයි, දැන් අලාභයි: සීනි කඩේ ආර්ථික දායකත්වය රු බිලියන 11ක් - නි. ඇමති චතුරංග
Local
19 June 2026
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන පහළ යෑමක්
Local
19 June 2026
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට අධි චෝදනා
Local
19 June 2026