International09 July 2026

ඉරානයේ පළාත් 5කට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් 14 දෙනෙකු මරුට

නවතම ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් ඇති බව ඉරාන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන බව බිබීසී පුවත් සේවය වාර්තා කරනවා.

ජූලි 8 සහ 9 යන දිනවල ඉරානයේ පළාත් පහක් ඉලක්ක කර ගනිමින් අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් 78 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එම අමාත්‍යාංශයේ මහජන සන්නිවේදන ප්‍රධානී හොසේන් කර්මන්පූර් (Hossein Kermanpour) පවසා ඇත්තේ.

තුවාල ලැබූවන්ගෙන් 47 දෙනෙකු තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර, දකුණු ඉරානයේ ප්‍රාන්තයක් වන ඉරාන්ෂහ්ර් (Iranshahr) හි ආණ්ඩුකාරවරයා රාජ්‍ය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, ගුවන් තොටුපළේ පිහිටි ගොඩනැගිල්ලකට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes