General11 July 2026

වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ගොවිජනතාව ඇතුළු සමස්ථ ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ ඉදිරියේදී ඇති විය හැකි බව කියන එල්නිනෝ තත්ත්වය හමුවේයි.

එම දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්. එම්. පී. එස්. ඩී. හේරත් සඳහන් කළේ ජලාශ 80ක මේ වන විට සියයට 48ක පමණ ජල ධාරිතාවක් පවතින අතර එය ප්‍රමාණවත් බවට අපේක්ෂා කෙරෙන බවයි.
Related recommendation
Hiru TV News | Programmes