අධිකරණ සේවා සංගමය අද (11) පෙරවරුවේ කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී මත විමසීමක් පැවැත්වීමට රැස්වීමක් කැඳවා තිබූ පසුබිමක එම සංගමයේ සභාපති කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වනවා.
ඒ අධිකරණ සේවාවන්හි නිරත වන විනිසුරුවරුන්ගේ ධූර කාලය දීර්ඝ කිරීම පිළිබඳව මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී ඇති පසුබිමකයි.
මේ පිළිබඳව අධිකරණ සේවා සංගමයේ ද අවධානය යොමුව ඇති අතර, අධිකරණ සේවා විනිසුරුවරුන්ගේ ධූර කාල සීමාව දීර්ඝ කිරීම පිළිබඳව මතය විමසීම සඳහා
ශ්‍රී ලංකා අධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය අද රැස්වීමට නියමිතව තිබුණා.
නමුත් එම මහ සභා රැස්වීමට ප්‍රථම එහි සභාපති කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වුණා.
ඔහු මෙම අධිකරණ සේවා සංගමයේ රැස්වීම නීත්‍යානුකූල නොවන බව දක්වමින් ලිපියක් ද නිකුත් කර ඇති බවටයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වන්නේ.
මෙම ලිපියේ අන්තර්ගතය බව පැවසෙන කරුණු ද මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අතර එහි දැක්වෙන්නේ, අද කැඳවා තිබූ මහ සභා රැස්වීම
නීත්‍යානුකූල නොවන බවයි.
සමාජ මාධ්‍යයේ සංසරණය වන ලිපිය ඇසුරින් උපුටා ගැනීම,
අධිකරණ සේවා සංගමයේ ගරු සාමාජිකයින් සියළු දෙනා වෙත,
මෙම තීරණාත්මක මොහොතේ අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා ලෙසට වර්තමාන තත්ත්වය පිළිබදව සමස්ථ සාමාජිකත්වය දැනුවත් කිරීම අත්නොහල යුතු
වගකීමක් වන බැවින් මෙය පළ කරමි.
ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ ආකාරයෙන්, විනිසුරුවරුන්ට නොගැලපෙන අයුරින් අධිකරණ සේවා සංගමය සහ එහි සාමාජිකත්වය අපකීර්තියට පත් කරමින්, සමස්ථ සාමාජිකත්වයම ඉතාම පහත්, භයානක තත්වයකට ඇද දමමින්, සාමාජිකයින් සහ සාමාජිකාවන් අතලොස්සක් සහ අධිකරණ සේවා සංගමයේ ලේකම්වරයා ප්රමුඛ විධායක කමිටු සාමාජික සාමාජිකාවන් පිරිසක් කටයුතු කරනු ලබන බව කණගාටුවෙන් සහ පිලිකුල්සහගතව සමස්ථ සාමාජිකත්වයට දැනුම් දීමට සිදුව තිබේ.
2026.07.11 දිනට පැවැත්වීමට විධායක කමිටුව විසින් සාමාජිකත්වයට යෝජනාකර තිබූ විශේෂ මහා සභා රැස්වීම මගින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම
සම්බන්ධයෙන් අප සංගමයේ සාමාජිකයින්ගේ අදහස් විමසීමට යෝජනා කිරීමට තීරණය කරන ලදී.
මේ වන තෙක් අධිකරණ සේවා සංගමය විසින් පවත්වන ලද සියළුම විශේෂ මහා සභා රැස්වීම් පැවැත්වීමට පෙර අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත අදාළ
මාතෘකාව සම්බන්ධයෙන් වූ අප සංගමයේ විධායක සභාවේ සැලකිල්ලට බඳුන් වූ හේතු අධිකරණ සේවා කොමිෂන් සභාව සමග පවත්වන සම්මුඛ සාකච්ඡාවකදී
හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ ගරු ලේකම්වරයා හරහා කොමිෂන් සභාවට දැනුම් දීමෙන් පසුව, අධිකරණ සේවා කොමිෂන් සභාවේද එකගතාවය මත
පැවැත්වීම පිළිගත් සම්ප්රදායයි.
කෙසේ වුවද මේ අවස්ථාවේදී ද ඒ ආකාරයට අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡාවක් පවත්වා මෙම මාතෘකාව සම්බන්ධයෙන් වූ අප සංගමයේ
සැලකිලිමත්වීම දැනුම්දීමට මා විසින් විධායක කමිටුවට කරන ලද යෝජනාව විධායක කමිටුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ඉවත දමන ලදී.
ඔවුන් හේතුව ලෙසට දකවා සිටියේ, අධිකරණ සේවා කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමට ගියහොත් තමන්ට මෙම මහා සභා රැස්වීම නොපවත්වන ලෙසට
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අණ කරනු ලැබිය හැකි බවයි.
එසේ විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීම සිදු කරනු ලබන්නේ, සමස්ථ සාමාජිකත්වයෙන් 1/3ක් විසින් කරනු ලබන ඉල්ලීමක් මත හෝ, එසේ සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 කගේ ඉල්ලීමක් නොමැති අවස්ථාවකදී විධායක කමිටුව විසින් විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමට යෝජනාවක්
සාමාජිකත්වයට දැනුම් දී, සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 ක වත් සාමාජිකයින් සංඛ්‍යාවක් එම විශේෂ මහා සභා රැස්වීමට සහභාගී වන බවට තහවුරු කළහොත් පමණි.
ඒ අනුව සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 ක සංඛ්‍යාවකගේ ඉල්ලීමක් නොමැති බැවින්, සමස්ථ සාමාජිකත්වයෙන් 1/3 කගේ සහභාගීත්වය තහවුරු කිරීමට සංගමයේ නිල
වට්ස්ඇප් ගිණුමේ පණිවුඩයක් පළ කරන ලදී.
- පසන් අමරසේන - සභාපති - අධිකරණ සේවා සංගමය
නමුත් සහභාගීත්වය තහවුරු කිරීමේ කාලය අවසාන වූ පසුවත් මේ වන විට සාමාජිකයින් 46 ක් පමණක් තම සහභාගීවීම තහවුරු කර තිබෙන බැවින් ඒ අනුව
පිළිගත් සම්ප්රදාය අනුව මෙම යෝජිත විශේෂ මහා සභා රැස්වීම පැවැත්වීමේ හැකියාවක් නැත.
කෙසේ හෝ විශේෂ මහා සභා රැස්වීමක් පවත්වා විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අධිකරණ සේවා සංගමය එරෙහි බවට යෝජනාවක් සම්මත කර, එය
මාධ්‍ය මගින් ප්‍රචාරය කර, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහි වී ඇති පාර්ශවයන්ට සහ සමහර දේශපාලන උවමනාවන්ට සහාය දැක්වීමේ
කණගාටුදායක සහ නිර්ලජ්ජිත උත්සාහයක අප සංගමයේ ලේකම්වරයා, විධායක කමිටුවේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහ සාමාජිකයින් කිහිප දෙනෙකු නිරත වන
බව මේ වන විට පැහැදිලිව පෙනී යයි.
මේ ආකාරයෙන් විනිසුරුවරුන් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවේ අවසරයකින් තොරව, සම්ප්‍රදායෙන් බැහැරව, සමස්ථ සාමාජික සංඛ්‍යාවෙන් 1/3
කගේ වත් සහභාගීත්වය තහවුරුවකින් තොරව විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීම නීත්‍යානුකූල නොවන අතර, නීත්‍යානුකූල නොවන රැස්වීමකට සහභාගී
වී සභාපතිවරයා ලෙසට මුලසුන දැරීම, මෙම රැස්වීමට සහභාගීවන බවට තහවුරු කර නැති අති බහුතර සාමාජිකත්වයට (සාමාජිකයින් 212) සහ අධිකරණ සේවා
කොමිෂන් සභාවට ද අගෞරවයක් බවට සලකමි.
කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි විධායක කමිටුවකට තවදුරටත් නායකත්වය සැපයීමට මා හට කිසිදු අවශ්‍යතාවයක් නොමැත.
අධිකරණ සේවා සංගමයේ වර්තමාන ලේකම්වරයා සහ විධායක කමිටුවේ බහුතර සාමාජිකයින් පිළිබදව කිසිදු විශ්වාසයක් මා හට නොමැති බැවින් අධිකරණ සේවා
සංගමයේ සභාපතිධූරයෙන් වහාම ඉල්ලා අස්වීමට මා තීරණය කළ බවද දැනුම් දීමට කැමැත්තෙමි.
පසන් අමරසේන - සභාපති - අධිකරණ සේවා සංගමය- උපුටාගැනීම අවසන්
මේ අතර සභපතිවරයා විසින් එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරමින් අධිකරණ සේවා සංගමයේ ලේකම් විනිසුරු සුරංග මුණසිංහ යොමු කළ බව කියන ලිපියක්ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
එම ලිපියට අනුව සභාපතිවරයා විසින් සිදු කර ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර ඇති අතර සැලසුම් කර ඇති පරිදි අධිකරණ සේවා සංගමයේ මහසභා රැස්වීම
පැවැත්වෙන බවද දන්වා තිබෙනවා.
ඒ අනුව අධිකරණ සේවා සංගමයේ මහසභා රැස්වීම අද පෙරවරුවේ කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී පැවැත්වුණා.
ඒ අනුව එම සංගමය සාමාජිකයන් 65 දෙනෙකුගේ සහභාගීත්වයෙන් රැස්වී ඇති අතර අධිකරණ සේවාවන්හි නිරත වන විනිසුරුවරුන්ගේ ධූර කාලය දීර්ඝ කිරීම
පිළිබඳව වන යෝජනාවට විරුද්ධව එම රැස්වූ සියලු සාමාජිකයින් සිය ඡන්දය භාවිතා කර ඇති බවද වාර්තා වනවා.

Latest News
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්‍රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්‍රිත්ව විදුහලට
Local
11 July 2026
වියට්නාමයේ දරුණු බෝට්ටු අනතුරක්: ඉන්දීය සංචාරකයින් 15ක් ජීවිතක්ෂයට
Local
11 July 2026
කඩුලු මතින් දිවීමේ ඉසව්වෙන් අයෝමාල් අකලංකට රිදී පදක්කමක්
Local
11 July 2026
‘අයන් ඩෝම්’ මිසයිල ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට සැරසෙයි
Local
11 July 2026
වාරි ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ඉල්ලීමක්
Local
11 July 2026