General11 July 2026

අම්බලන්ගොඩ සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වන අමිත් චතුරංග සමරනායක නැමැත්තා නීතිවිරෝධී ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනා මත අද (11) ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මන්ත්‍රීවරයා බද්දේගම, දිද්දැලිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ රැඳී සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පොලිසිය සිදු කළ වැටලීමේදී සැකකරු සන්තකයේ තිබී නීතිවිරෝධී ලෙස ළඟ තබා ගෙන සිටි 'රිපීටර්' (Repeater) වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes