General13 July 2026

මෙරට වයස්ගතම කාන්තාව වූ කළුමැණිකා මෑණියන් වයස 114 දී දිවි සසරට සමුදෙයි

ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව ලෙස ඉතිහාසයට එක්ව සිටි රඹෑව, සංගිලිකනදරාව, ඩී.එස්. සේනානායක මාවතේ පදිංචිව සිටි පුංචාගේ කළුමැණිකා මෑණියන් සිය දිගුකාලීන ජීවන චාරිකාව නිමා කරමින් දිවි සසරට සමුදී තිබෙනවා.

මිය යන විට මෙම ආදරණීය මෑණියන් 114 වැනි වියේ පසු වූ අතර, ඇය පෙරේදා උදෑසන කාලයේදී මෙලොව හැරගොස් ඇති බවයි වාර්තා වන්නේ. සියවස් එකහමාරකට ආසන්න කාලයක් පුරා මෙරට සමාජීය වෙනස්කම් රැසකට සාක්ෂි දරමින් ජීවත් වූ මෙම මාතාවගේ නික්මයාම මුළු මහත් ප්‍රදේශයටම මහත් සංවේගයක් දනවන පුවතක් වී තිබෙනවා.

සැබවින්ම වාසනාවන්ත මෙන්ම දිරිය මාතාවක වූ කලුමැණිකා මෑණියන් දරුවන් 12 දෙනෙකු මෙලොවට දායාද කළ ආදරණීය මවකි. ඇයගේ ජීවිත කාලය තුළ තමන්ගේ පස්වන පරම්පරාව දක්වා දැකබලා ගැනීමට තරම් දුර්ලභ භාග්‍යයක් හිමිකරගෙන තිබීම සුවිශේෂී කරුණක්. සිය පවුලේ දරු, මුනුබුරු, මිනිපිරියන් ඇතුළු 325කට අධික අතිදැවැන්ත පිරිසක් සියසින් දැකගැනීමේ වාසනාව උදාකරගත් ඇය, එම සියලුදෙනාගේම ගෞරවය සහ සෙනෙහස මධ්‍යයේ සිය අවසන් කාලය ගතකර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes