General14 July 2026

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 31ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ මෙම ගැටුමේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමගයි.

එක් නිලධාරියෙකු ඊයේ (13) රාත්‍රියේ මියගොස් ඇති අතර, අනෙක් නිලධාරියා අද (14) අලුයම මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි නිලධාරියෙකු සහ 25 හැවිරිදි ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පදිංචි නිලධාරියෙක්.

ඒ අනුව සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 10ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස මියගිය නිලධාරීන් අතර බන්ධනාගාර පොලිස් විශේෂ බුද්ධි ඒකකයේ නිලධාරී P.D සන්දික ලෂාන් ගුණවර්ධන ද වනවා.

ඔහුගේ 7 හැවිරිදි පුංචි පුතු ද හදවත් රෝගයකින් පීඩා විදින අතර, දරුවාද ජීවිතය බේරා ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බවයි දරුවාගේ මව පසුගියදා හිරු ප්‍රවෘත්ති සමග කියා සිටියේ.

ඒ සඳහා තමාට සිට එම ශක්තිය තම ස්වාමියා බවයි ඇය ප්‍රකාශ කළේ.
Related recommendation
Hiru TV News | Programmes