International14 July 2026

හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට

හෝමුස් සමුද්‍ර සන්ධියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් තෙල් ප්‍රවාහන නෞකා දෙකකට ඉරාන කෲස් මිසයිල ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මේ හේතුවෙන් ඉන්දියානු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මියගොස් තවත් අට දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, 'මොම්බාසා' (Mombasa) සහ 'අල් බහියා' (Al Bahiyah) යන තෙල් ප්‍රවාහන නෞකා දෙක ඕමාන් මුහුදු සීමාවේ පිහිටි සමුද්‍ර සන්ධියේ දකුණු මංතීරුවේ ගමන් කරමින් සිටියදී මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

එම අමාත්‍යාංශය මෙම ප්‍රහාරයන් දැඩි ලෙස හෙළා දැක ඇති බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes