පාකිස්තාන වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කවුන්සිලය විසින් නිකුත් කරන ලද නිල ලිපියකට අනුව, එරට වෛද්‍ය සහ දන්ත වෛද්‍ය විද්‍යාලවල හදාරන ඇෆ්ගනිස්ථාන සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.
වාර්තාවට අනුව මෙම නියෝගය නව ඇතුළත් කිරීම් සඳහා මෙන්ම දැනටමත් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන ඇෆ්ගන් සිසුන් සඳහා ද අදාළ වෙනවා.
මෙම තීරණය නැවත දැනුම් දෙන තුරු බලාත්මක වන බව අදාළ ලිපියේ සඳහන්.
අදාළ බලධාරීන්ගේ ප්‍රතිපත්තිමය උපදෙස් සහ ජූලි 30 වන දින ගන්නා ලද තීරණයකට අනුව මෙම පියවර ගත් බව කවුන්සිලය පවසනවා.
මෙය ජාතික ප්‍රතිපත්තිමය කරුණක් ලෙස පෙන්වා දෙන අදාළ ලිපිය, මෙම උපදෙස් තදින්ම පිළිපදින ලෙස සියලුම වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ආයතන වෙත උපදෙස් දී තිබෙනවා.
මෙම නියෝගයට අනුව, දැනට පාකිස්තානයේ වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය විද්‍යාව හදාරන ඇෆ්ගන් සිසුන් නැවත ඇෆ්ගනිස්ථානය වෙත යා යුතුයි.
එමෙන්ම, වෛද්‍ය සහ දන්ත වෛද්‍ය පාඨමාලා සඳහා ඇෆ්ගන් සිසුන් අලුතින් ඇතුළත් කරගැනීම ද නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.
මීට අමතරව, පාකිස්තානයේ වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ආයතන අතර ඇෆ්ගන් සිසුන් ස්ථාන මාරු වීම හෝ මාරු වී අධ්‍යාපනය හැදෑරීම ද මෙම නියෝගය මගින් තහනම් කර තිබෙනවා.
තවද, දැනටමත් අධ්‍යාපන කටයුතු අවසන් කර ඇති සිසුන්ගේ උපාධි ප්‍රදාන තත්ත්වය සහ ඔවුන් රටින් පිටවීම තහවුරු කර වාර්තා ගත කළ යුතු බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.
මෙම නියෝගය කිසියම් එක් විශ්වවිද්‍යාලයකට හෝ අධ්‍යාපන මධ්‍යස්ථානයකට පමණක් සීමා නොවී, රට පුරා පිහිටි සියලුම රාජ්‍ය සහ පෞද්ගලික වෛද්‍ය මෙන්ම දන්ත වෛද්‍ය විශ්වවිද්‍යාල සහ ආයතන සඳහා බලපැවැත්වෙන බව කවුන්සිලය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Latest News
ඩොලර් බිලියනයක මුදල් වංචාවකට පෞද්ගලික බැංකු කළමනාකරුවන් සිව් දෙනා රිමාන්ඩ්
Local
17 August 2026
ෂාරුක් ඛාන් ඇතුලු බොලිවුඩ් සුපිරි නළුවන් තිදෙනක්ට වෙළඳ දැන්වීම්වලින් ඉවත් වන ලෙස නියෝගයක්!
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 284ට සීමා වෙයි
Local
17 August 2026
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්යායපත්රයට ඇතුළත් කෙරේ
Local
17 August 2026
ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂ සිය පළමු ටෙස්ට් ශතකය රැස් කරයි
Local
17 August 2026
කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් මේ වසරේ ඇරඹෙයි
Local
17 August 2026
කොළඹ කොටස් වෙළඳපොළ ASPI දර්ශකය ඒකක 6.29 කින් පහළට
Local
17 August 2026
ගංජා හේනෙන් ලක්ෂ 5ක අල්ලසක් ගත් පොලිස් නිලධාරීන් සිව්දෙනාට ඇප
Local
17 August 2026
ගතවූ දිනයේදී සිදුවූ රිය අනතුරුවලින් කුඩා දරුවෙක් ඇතුළු පස්දෙනෙක් ජීවිතක්ෂයට
Local
17 August 2026
ඩෙංගු රෝගීන් 92,254 ක් දක්වා ඉහළට
Local
17 August 2026