International20 August 2026

කැමරූන් දේශසීමාවේ රන් පතලක් කඩා වැටී 100 දෙනෙකු මරුට

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බටහිර ප්‍රදේශයේ කැමරූන් දේශසීමාව අසල පිහිටි කුඩා පරිමාණ රන් ආකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.

මොවුන්ගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇති අතර, තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බිම් මට්ටම යටතේ ක්‍රියාත්මක වූ උමං මාර්ග කිහිපයක් එකවර කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව විමර්ශන මගින් අනාවරණය වී ඇති බව සඳහන්.

රතු කුරුස සංවිධානය සහ ප්‍රදේශවාසීන් එක්ව මේ වන විටත් අතුරුදන්වූවන් සෙවීමේ සහ සහන සැපයීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Related recommendation
Hiru TV News | Programmes