Entertainment06 March 2026

Beauty by Rosh, ලන්ඩන් විලාසිතා සතිය සමඟ එක් වූ දකුණු ආසියාවේ ප්‍රථමයා බවට පත් වෙයි

කීර්තිමත් ලන්ඩන් විලාසිතා සතියේ (LFW) ප්‍රධානතම රූපලාවන්‍ය නිර්මාණකරුවන් අතරට එක් වීමට සමත් වූ ප්‍රථම දකුණු ආසියානු රූපලාවන්‍ය සන්නාමය ලෙසBeauty by Rosh පත් වූ අතර, එය දකුණු ආසියාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව නව මිණුම් ලකුණක් නිර්මාණය කිරීමක් ලෙස හඳුන්වා දිය හැකිය.

ඕස්ට්‍රේලියාවේ පදිංචි, ශ්‍රී ලංකාවේ උපන් ව්‍යවසායිකාවක වන රොෂ් කුමාරසිංහ මහත්මිය මෙම සුවිශේෂී ජයග්‍රහණය අත්කර ගැනීමට සමත් වූ අතර, එහිදී ඇයට ලෝ ප්‍රකට රූපලාවන්‍ය නිර්මාණකරුවන් හතර දෙනෙකු සමඟ කටයුතු කිරීමේ අවස්ථාව ද හිමි විය.

මෙම ජයග්‍රහණයBeauty by Rosh සන්නාමය ගෝලීය විලාසිතා ක්ෂේත්‍රය වෙත ගෙන යාම මෙන්ම, ලන්ඩන් විලාසිතා සතිය තුළ දකුණු ආසියානු නියෝජනය සම්බන්ධයෙන් ද සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි.

Related recommendation
Hiru TV News | Programmes