වර්ෂ 1999න් පසු බ්‍රිතාන්‍යයේදී දැකගත හැකි වඩාත්ම පැහැදිලි සූර්යග්‍රහණය අද (12) සවස සිදුවීමට නියමිත බව වාර්තා වෙනවා.
මෙම සූර්යග්‍රහණය එක්සත් රාජධානියේ සියලුම ප්‍රදේශවලින් දැකගත හැකි අතර, ස්ථානය අනුව සූර්යයාගේ සියයට 96ක් දක්වා ප්‍රමාණයක් සඳ මගින් ආවරණය වනු ඇති බව සඳහන්.
බ්‍රිතාන්‍යයේ සූර්යග්‍රහණයේ උපරිම අවස්ථාව ප්‍රදේශය අනුව සවස 6.58ත් 7.15ත් අතර සිදුවීමට නියමිතයි.
එහිදී එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශවල සූර්යයාගෙන් සියයට 90කට වැඩි ප්‍රමාණයක් සඳ මඟින් ආවරණය වනු ඇති බව වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
Devon, Cowall සහ වේල්සයේ Pembrokeshire හි බටහිර ප්‍රදේශවලදී සූර්යයාගෙන් සියයට 94ත් 96ත් අතර ප්‍රමාණයක් ආවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම වේල්සයේ අනෙකුත් ප්‍රදේශ, උතුරු අයර්ලන්තය, West Midlands සහ South West හි ඇතැම් ප්‍රදේශ මෙන්ම ස්කොට්ලන්තයේ බටහිර ප්‍රදේශවලදී සියයට 92ත් 94ත් අතර සූර්ය ආවරණයක් දැකගත හැකි වනු ඇති බව සඳහන්.
මේ අතර, සූර්යග්‍රහණය නැරඹීම සඳහා භාවිත කරන විශේෂ ආරක්ෂිත කණ්ණාඩි සඳහා බ්‍රිතාන්‍යය පුරා විශාල ඉල්ලුමක් ඇති වී ඇති බව BBC පුවත් සේවය සඳහන් කරනවා.
යුරෝපයේ අනෙකුත් ප්‍රදේශවලදී පූර්ණ සූර්යග්‍රහණයක් දැකගත හැකි අතර, උතුරු ස්පාඤ්ඤයේ එය නැරඹීම සඳහා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක්ව සිටින බව වාර්තා වෙනවා.
රුසියාව, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය සහ පෘතුගාලය යන රටවලින්ද පූර්ණ සූර්යග්‍රහණය දැකගත හැකියි.
ස්පාඤ්ඤයේ Bilbao, Valencia සහ Palma, Mallorca යන ප්‍රදේශවලදී පූර්ණ සූර්යග්‍රහණය පැහැදිලිව දැකගත හැකි වන අතර, Barcelona සහ Madrid නගරවලදී සූර්යයාගෙන් සියයට 99කට වැඩි ප්‍රමාණයක් ආවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
උතුරු ස්පාඤ්ඤයේ මෙම දුර්ලභ අවස්ථාව නැරඹීම සඳහා ලොව පුරා සිට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 5ක් පමණ වනු ඇතැයි එරට මුදල් අමාත්‍යාංශය පුරෝකථනය කර තිබෙනවා.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍යයේ ඇතැම් ප්‍රදේශවල කාලගුණ තත්ත්වය සූර්යග්‍රහණය නැරඹීමට බලපෑම් කළ හැකි බවද සඳහන්.
උතුරු වේල්සය, උතුරු එංගලන්තය, ස්කොට්ලන්තය සහ උතුරු අයර්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල සවස 6ත් 7ත් අතර වලාකුළු ඇති විය හැකි අතර, බටහිර ස්කොට්ලන්තයේ සහ උතුරු හා බටහිර උතුරු අයර්ලන්තයේ ඇතැම් ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
විශේෂඥයන් පවසන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවන අවස්ථාවේ සඳ සම්පූර්ණයෙන්ම සූර්යයා ආවරණය කිරීම හේතුවෙන් එම ප්‍රදේශය කෙටි වේලාවකට අඳුරු වන බවයි.
බ්‍රිතාන්‍ය දූපත් හරහා මෙවැනි ප්‍රමාණයකින් සූර්යයා ආවරණය වන ඊළඟ අවස්ථාව 2081 වසරේදී සිදුවනු ඇති අතර, බ්‍රිතාන්‍යයේදී මීළඟ පූර්ණ සූර්යග්‍රහණය දැකගත හැකි වන්නේ 2090 වසරේදී බව වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Latest News
නීතිඥ සංගමය ජනපති සමග සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝව ඉල්ලයි
Local
15 August 2026
ගොඩ ගැසුණු රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මස අවසන් කිරීමට පියවර
Local
15 August 2026
ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට
Local
15 August 2026
කුප්පියාවත්ත වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට
Local
15 August 2026
"ශිරාන් බාසික්"ට පැය 72ක රැඳවුම් නියෝග
Local
15 August 2026
මහනුවර ඇසළ පෙරහරේ ආරක්ෂාවට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ 8000ක්
Local
15 August 2026
කාසියේ වාසිය ඉන්දියාවට! : බැට් එක ඉන්දියාවට බෝලෙ ලංකාවට
Local
15 August 2026
ලබන වසරේ මුල් කාලයේ උද්ධමනය ඉහළ යයිද?
Local
15 August 2026
ශ්‍රී ලංකා - ඉන්දියා පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී
Local
15 August 2026
අමෙරිකාවේ වෙඩි තැබීම් මාලාවකින් 6ක් මරුට
Local
15 August 2026