පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර පැවති තරගය 2- 0 ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.
ෆොක්ස්බරෝහි බොස්ටන් ක්‍රීඩාංගණයේදී (Boston Stadium, Foxborough) පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග මොරොක්කෝ කණ්ඩායමට තරගයෙන් ඉවත් වීමටයි සිදු වුණේ.
ප්‍රංශය සහ මොරොක්කෝව අතර පැවති එම තීරණාත්මක තරගයේදී ප්‍රංශ කණ්ඩායමට වටිනා දඬුවම් පහර (Penalty) අවස්ථාවක් හිමි වුණා.
ඒ තරගයේ පළමු අර්ධයේ 27 වැනි මිනිත්තුවේදී VAR තාක්ෂණය ඔස්සේ සිදුකළ පරීක්ෂාවකින් අනතුරුවයි.
කෙසේ වෙතත්, 28 වැනි මිනිත්තුවේදී ප්‍රංශ කණ්ඩායමේ අංක 10 ජර්සියෙන් සැරසුණු සුපිරි ක්‍රීඩක කිලියන් මබාපේ විසින් එල්ල කරන ලද එම දඬුවම් පහර (Penalty) සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි වුණා.
මේ අනුව පළමු අර්ධය අවසන් වන තෙක් දෙපිළටම ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි වූයේද නැහැ.
කෙසේ හෝ තරගයේ 60 වැනි මිනිත්තුවේදී Kylian Mbappé විසින් ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා.
තරගයේ 66 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ දක්ෂ ප්‍රහාරක ක්‍රීඩක Ousmane Dembélé මොරොක්කෝ ගෝල රකින්නා අන්දමන්ද කරමින් විශිෂ්ට ගෝලයක් ලබා ගත්තා.
ඒ අනුව ප්‍රංශ කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.
#HiruNews #HiruNewsLK #TruthAtAllCosts

Latest News
කතරගම පාද යාත්‍රා බැතිමතුන් කුමන පිවිසුමේ දැඩි අසීරුවක
Local
10 July 2026
ප්‍රංශය අවසන් පූර්ව වටයට
Local
10 July 2026
වැලිමඩ රෝහල ළඟ කැළේ ගින්නක්
Local
09 July 2026
ලිදුල නාගරික මන්ත්‍රින් දෙදෙනාගේ ගැටුම ගැන පොලිසියට පැමිණිලි
Local
09 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුම පාලනයට වෙඩි තැබූ නිලධාරියාට තර්ජන: කලහකාරී සුරේෂ්ට බූස්සේදී ප්‍රහාරයක්
Local
09 July 2026
මිගමු බන්ධනාගාර සිද්ධිය - ප්‍රාර්ථනා පොදි මැද නිල ඇඳුමට පෙම් බැඳි බන්ධනාගාර සැරයන් ‘තරංග’ සෝ සුසුම් මැද නික්ම යයි
Local
09 July 2026
ඉරානයේ ඉලක්ක 90කට අමෙරිකාවෙන් ප්‍රහාර
Local
09 July 2026
මහනුවර ඇසළ පෙරහරේ පළමු කුඹුල් පෙරහර අගෝස්තු 18
Local
09 July 2026
මත් ජාවාරමෙන් හැදූ උස්වැටකෙයියාවේ කෝටි 5ක මන්දිරය ඇතුළු දේපල තහනම්
Local
09 July 2026
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ සියවස් සැමරුම වෙනුවෙන් විශේෂ මහජන දැනුවත් කිරීමේ පාගමනක් හෙට
Local
09 July 2026