Sports10 July 2026

ප්‍රංශය අවසන් පූර්ව වටයට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ මොරොක්කෝව අතර පැවති තරගය 2- 0 ක් ලෙස ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත් වුණා.

ෆොක්ස්බරෝහි බොස්ටන් ක්‍රීඩාංගණයේදී (Boston Stadium, Foxborough) පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග මොරොක්කෝ කණ්ඩායමට තරගයෙන් ඉවත් වීමටයි සිදු වුණේ.

ප්‍රංශය සහ මොරොක්කෝව අතර පැවති එම තීරණාත්මක තරගයේදී ප්‍රංශ කණ්ඩායමට වටිනා දඬුවම් පහර (Penalty) අවස්ථාවක් හිමි වුණා.

ඒ තරගයේ පළමු අර්ධයේ 27 වැනි මිනිත්තුවේදී VAR තාක්ෂණය ඔස්සේ සිදුකළ පරීක්ෂාවකින් අනතුරුවයි.

කෙසේ වෙතත්, 28 වැනි මිනිත්තුවේදී ප්‍රංශ කණ්ඩායමේ අංක 10 ජර්සියෙන් සැරසුණු සුපිරි ක්‍රීඩක කිලියන් මබාපේ විසින් එල්ල කරන ලද එම දඬුවම් පහර (Penalty) සාර්ථක කර ගැනීමට ඔහුට නොහැකි වුණා.

මේ අනුව පළමු අර්ධය අවසන් වන තෙක් දෙපිළටම ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාවක් හිමි වූයේද නැහැ.

කෙසේ හෝ තරගයේ 60 වැනි මිනිත්තුවේදී Kylian Mbappé විසින් ප්‍රංශ කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළා.

තරගයේ 66 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ දක්ෂ ප්‍රහාරක ක්‍රීඩක Ousmane Dembélé මොරොක්කෝ ගෝල රකින්නා අන්දමන්ද කරමින් විශිෂ්ට ගෝලයක් ලබා ගත්තා.

ඒ අනුව ප්‍රංශ කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තා.

#HiruNews #HiruNewsLK #TruthAtAllCosts
Related Recomands
Hiru TV News | Programmes