Sports15 July 2026

ස්පාඤ්ඤය අවසන් මහා තරගයට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර පැවති තීරණාත්මක තරගය 2 - 0 ක් ලෙස ජය ගැනීමට ස්පාඤ්ඤ කණ්ඩායම සමත් වුණා.

ඇරලින්ටන්හි ඩලස් ක්‍රීඩාංගණයේදී (Dallas Stadium in Arlington) පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග ප්‍රංශ කණ්ඩායම තරගයෙන් ඉවත් වුණා.

තරගය ආරම්භයේ පටන්ම දැඩි සටන්කාමී මුහුණුවරක් ගත් අතර, දෙපිලම දැඩි ආරක්ෂණ උපක්‍රම අනුගමනය කරමින් ක්‍රීඩා කළා.

එහිදී තරගයේ 22 වැනි මිනිත්තුවේදී ස්පාඤ්ඤයට හිමිවූ පෙනල්ටි (Penalty) අවස්ථාව සාර්ථකව ගෝලයක් බවට පරිවර්තනය කිරීමට ඉදිරිපෙළ ක්‍රීඩක මිකෙල් ඔයාර්සබල් (Mikel Oyarzabal) සමත් වුණා.

එම ගෝලය විනිසුරුවන්ගේ VAR සමාලෝචනයකින් පසුව නිල වශයෙන් තහවුරු කෙරුණා.

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී 58 වැනි මිනිත්තුවේදී දෙවන ගෝලය වාර්තා කිරීමට ස්පාඤ්ඤ ක්‍රීඩක පේද්‍රෝ පෝරෝ (Pedro Porro) සමත් වුණා.

තරගයට නියමිත මිනිත්තු 90ට අමතරව ලබාදුන් අතිරේක මිනිත්තු 7 තුළදීද කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ප්‍රංශයට හැකි වූයේ නැහැ.
Related Recomands
Hiru TV News | Programmes