Sports15 July 2026

ස්පාඤ්ඤය වසර 16කට පසු ලෝක කුසලාන අවසන් මහා තරගයට

ස්පාඤ්ඤය පාපන්දු කණ්ඩායම වසර 16කට පසු පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා.

ඒ, ටෙක්සාස්හි පැවැත්වුණු තරගයේදී ප්‍රංශ කණ්ඩායමට එරෙහිව ස්පාඤ්ඤය ගෝල 2-0ක විශිෂ්ට ජයක් ලබා ගැනීමත් සමගයි.

මිකෙල් ඔයාර්සබාල්‍ (Mikel Oyarzabal) සහ පේද්‍රෝ පෝරෝ (Pedro Porro) විසින් ස්පාඤ්ඤය වෙනුවෙන් ගෝල වාර්තා කළද, තරගය පුරා ඔවුන් සතු වූ අතිමහත් ආධිපත්‍යය ලකුණු පුවරුවෙන් පමණක් තක්සේරු කළ නොහැකි වුණා.

යුරෝපා ශූරයන් වූ ස්පාඤ්ඤය පන්දුවේ පාලනය තමන් සතු කරගනිමින් තරගයේ වේගය තීරණය කළ අතර, ප්‍රංශයේ ප්‍රබල ඉදිරි පෙළට ප්‍රහාරයක් එල්ල කිරීමට කිසිදු ඉඩක් ලබා නොදීමට සමත් වුණා.

"සිහිනයක් සැබෑ වුණා... ඇත්තම කිව්වොත් මගේ හීනෙකින්වත් මං මේ වගේ දෙයක් කවදාවත් හිතුවේ නැහැ. "ඉතා විශිෂ්ට ලෙස ලෝක කුසලාන තරගාවලියට මුහුණ දෙමින් සිටි කණ්ඩායමකට එරෙහිව අප අපගේ සියලු උපක්‍රම නිවැරදිව ක්‍රියාත්මක කළා." යනුවෙන් පෝරෝ පවසා තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes