Sports15 July 2026

පාපන්දු ලෝක කුසලාන එංගලන්ත - ආර්ජන්ටිනා අවසන් පූර්ව ගැටුමට දැඩි ආරක්ෂාවක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගය සඳහා අතිරේක ආරක්ෂක විධිවිධාන යොදවන බව බලධාරීන් සඳහන් කර තිබෙනවා.

මෙම කණ්ඩායම් දෙක ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී (Atlanta Stadium) එකිනෙකාට එරෙහිව තරග බිමට පිවිසෙනු ඇති.

මෙහිදී වත්මන් ලෝක ශූරයන් වන ආර්ජන්ටිනාව පරාජය කරමින්, 1966 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන අවසන් මහා තරගයකට පිවිසීමට එංගලන්තය බලාපොරොත්තු වෙනවා.

"ලෝක කුසලාන අවසන් පූර්ව තරගයක් පැවැත්වීමටත්, විශාල වශයෙන් පැමිණෙන නරඹන්නන් සහ ප්‍රාන්ත වැසියන් පිළිගැනීමටත් ඇට්ලන්ටා නගරය සූදානම් වන බැවින්, ඇට්ලන්ටා පොලිස් දෙපාර්තමේන්තුව මුළු නගරය පුරාම මහජන ආරක්ෂාව සහ ආරක්ෂක විධිවිධාන තර කර තිබෙනවා." යනුවෙන් ඇට්ලන්ටා පොලිසිය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

"සෑම දෙනාටම ආරක්ෂිත සහ විනෝදජනක අත්දැකීමක් ලබා දීම සහතික කරනු පිණිස අතිරේක නිලධාරීන් දැනටමත් යොදවා ඇති අතර, තරග පැවැත්වෙන ස්ථාන, විනෝදාස්වාද කලාප සහ වැඩි වශයෙන් ජනතාව ගැවසෙන ස්ථානවල ඔවුන් ස්ථානගත කිරීමට කටයුතු කරනවා. මෙම පූර්ව ආරක්ෂණ පියවරයන් සැලසුම් කර ඇත්තේ මහජනතාව ආරක්ෂා කිරීමටත්, සාපරාධී ක්‍රියා වැළැක්වීමටත්, මෙම ඓතිහාසික අවස්ථාව ආරක්ෂිතව භුක්ති විඳීමට නරඹන්නන්ට සහ වැසියන්ට අවස්ථාව සලසා දීමටත්." යනුවෙන් ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
Related Recomands
Hiru TV News | Programmes