සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගණේමුල්ල සංජීව’ නමැති අය ඝාතනය කිරීමට ආධාර අනුබල දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නීතිඥවරිය පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබාගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නිතීවේදී එෆ්. යූ. වුට්ලර් පවසනවා.
මෙම සැකකාර නීතිඥවරිය අදාල ඝාතනයේ වෙඩික්කරුට නීතිඥවරයකු ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට ඇතුළුවීම සඳහා අවශ්‍ය දෑ සම්පාදනය කර ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.
ඒ අනුව, සැකකාර ඉෂාරා සෙව්වන්දිට සහ වෙඩික්කරුට අධිකරණ ශාලාවට ඇතුළුවීම සඳහා නීතිඥවරුන් පළඳින ටයි පටි 02ක්, රිවෝල්වරය රහසිගතව සඟවා ගෙන යාමට අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු අණපනත් සහිත පොත් දෙකක්, නීතිඥවරුන්ගේ වාහනයේ ප්‍රදර්ශණය කිරීමට භාවිත කරනු ලබන අවසර පත්‍රයක් ආදිය මෙම සැකකාර නීතිඥවරිය සැකකරුවන්ට ලබාදී තිබූ බවට කරුණු හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
එමෙන්ම, නීතීඥ සංගමය මඟින් නිකුත් කළ නීතිඥ හැඳුනුම්පතක් ද සැකකාරිය මෙම අපරාධය සඳහා භාවිත කිරීමට සැකකාරියට ලබාදී දී තිබූ බවටද හෙළිවූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 55ක් වන කඩවත ප්‍රදේශයේ පදිංචිකාරියක බවද පොලිසිය පවසනවා.
කොළඹ අලුත් කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා නීතිඥවරයකු ලෙස පෙනී සිටි සැකකරුවෙක් විසින් අධිකරණ ශාලාවට ඇතුලු වී එම අධිකරණයේ නඩුවක් සඳහා බන්ධනාගාරය මඟින් ඉදිරිපත් කර සිටි සංජීව කුමාර සමරරත්න නොහොත් ‘ගණේමුල්ල සංජීව” නමැති අයට වෙඩි තබා ඝාතනය කර තිබුණා.
මෙම සිද්ධියට අදාළ සැකකරු සහ සැකකාරිය මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන විමර්ශන කටයුතු සිදුකරමින් සිටිනවා.
මෙම ඝාතනය පොලිස් අත්අඩංගුවේ රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ නමැත්තා සම්බන්ධව සිදුකරන ලද්දක් බවට කරුණු හෙළිව ඇතැයි මේ වන විට විමර්ශකයින් තොරතුරු සොයාගෙන තිබුණා.
සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ කෝරලගමගේ මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් ‘කෙහෙල්බද්දර පද්මේ’ නමැති සැකකරු විසින් සිදු කර ඇති සංවිධානාත්මක අපරාධ, නීති විරෝධී ගිනි අවි රැස් කිරීම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකර ගෙන යනු ලබන බවද පොලිස් මුලස්ථානය සඳහන් කරනවා.
Latest News
වාහන මිලියන 2ක් ආපසු කැඳවයි
පොලිස්පතිගෙන් SDIG කෙනෙකුට එරෙහිව පැමිණිල්ලක්
යටියන්තොට ලැවන්ට් වත්තේ පවුල් 21ක් අනතුරේ
රුපියල් 10,000ක් අල්ලස් ගත් අධිකරණ කා.කා.ස. දැලේ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නඩුව ජනවාරි 28 වැනිදා දක්වා කල් තැබේ
පුටුවේ නායකයින් මහ රෑ හිටපු ඇමතිගේ නිවසේ
ජපාන අකෙබොනෝ නෞකාව දිවයිනට
රමේෂ් නිශාන් මිනෝද් සධීර දස්කම් අතරට : Hayleys කණ්ඩායම අවසන් මහා තරගයට
E වීසා විගණන මතභේදය ගැන VFS ගෝලීය සමාගමෙන් පැහැදිලි කිරීමක්
2026 දී ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රකෘතියක් අපේක්ෂා කරනවා - IMF