යුද්ධය අවසන් කිරීම සඳහා පවතින සාකච්ඡාවල ප්‍රධාන බාධාවක්ව පැවති, ඉරානය සතු යුරේනියම් තොගය භාර දීමට ඔවුන් එකඟ වී ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
වොෂින්ටනය සහ ටෙහෙරානය ගිවිසුමකට එළඹීමට "ඉතා ආසන්න" මට්ටමක පසුවන අතර, මේ සති අන්තයේ ඉක්මනින් යළිත් සාකච්ඡා ආරම්භ විය හැකි බවටයි ඔහු සඳහන් කර ඇත්තේ.
එක්සත් ජනපද ආර්ථිකය පිළිබඳ අවධානය යොමු කරමින් ලාස් වේගාස් හි පැවති උත්සවයකදී අදහස් දක්වමින්, යුද්ධය ආරම්භ වූ දා සිට ඒ පිළිබඳව වූ වඩාත්ම සුභවාදී තක්සේරුවක් ඔහු විසින් ලබා දී තිබෙනවා.
ඔහු පැවසුවේ කටයුතු "ඉතා සාර්ථකව" සිදුවන බවත්, එය ඉක්මනින් අවසන් වනු ඇති බවත්.
මීට පෙර ධවල මන්දිරයේදී ඔහු කියා සිටියේ, න්‍යෂ්ටික අවි ලබා නොගැනීමට ඉරානය එකඟ වී ඇති බවත්, ඔහු විසින් "න්‍යෂ්ටික දූවිලි" ලෙස හැඳින්වූ යුරේනියම් තොගය භාර දීමට නියමිත බවත්.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් කිසිදු අදහසක් දක්වා නොමැත.
නැවත වරක් සෘජු සාකච්ඡා වටයක් පැවැත්වීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළ ට්‍රම්ප්, තවත් දින පහකින් අවසන් වීමට නියමිත ඉරානය සමග පවතින සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් තිබේද යන්න පිළිබඳව තමාට සැකයක් පවතින බවද ප්‍රකාශ කර තිබෙනවා.
_බිබීසී_

Latest News
ඩෙංගු නිසා කොළඹ සරසවියේ සියලු දේශන හෙට සිට 15 දක්වා ඔන්ලයින් ක්‍රමයට
Local
09 July 2026
බුලත්සිංහල OIC රිමාන්ඩ්
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාරවලට
Local
09 July 2026
ලෝක බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
09 July 2026
පැරණි බෝගම්බර බන්ධනාගාරය යළි බන්ධනාගාරයක් ලෙස ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක්
Local
09 July 2026
දකුණු ඉරානයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන හමුදා සාමාජිකයින් 8ක් මරුට
Local
09 July 2026
මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ඉන්දීයානුවෙකුත් මිය ගිහින්
Local
09 July 2026
ගොවි සංවිධාන නියෝජිතයෝ විපක්ෂ නායක හමුවෙයි
Local
08 July 2026
දක්ෂතම ආධුනික පොලිස් රියැදුරා අනතුරකින් මරුට
Local
08 July 2026
ළමයින්ගේ සමාජමාධ්‍ය භාවිතය සීමා කිරීමට රජයේ අවධානය
Local
08 July 2026