International29 April 2026

භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් පරීක්ෂා කර මුදා හැරීමට අමෙරිකානු හමුදාව පියවර ගනී

ඉරාන වරායන් අවහිර කිරීමේ මෙහෙයුම් අතරතුර අමෙරිකානු හමුදාව තවත් වාණිජ නෞකාවකට ගොඩවැදී ඇති නමුත්, පෙර අවස්ථාවන් මෙන් නොව මෙවර එම නෞකාවට සිය ගමනාන්තය කරා යාමට අවසර ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

අමෙරිකානු මැරීන් භටයින් Blue Star III නෞකාවට ගොඩවැදුණු බවත්, එය පරීක්ෂා කිරීමෙන් පසු එහි ගමන් මාර්ගයට ඉරාන වරායන් ඇතුළත් නොවන බව තහවුරු කරගෙන නෞකාව මුදා හැරීමට පියවර ගත් බවත්, අමෙරිකානු මධ්‍යම අණසක (U.S. Central Command) ප්‍රකාශ කර තිබෙනවා.

ට්‍රම්ප් පරිපාලනය විසින් මීට සති දෙකකට පෙර ඉරාන නාවික ගමනාගමනය අවහිර කිරීම ආරම්භ කළ දා සිට පරීක්ෂාවට ලක් කළ සිව්වන වෙළෙඳ නෞකාව මෙය වන අතර, අමෙරිකානු භාරයට නොගෙන මුදා හරින ලද පළමු නෞකාව ද මෙය වෙනවා.
Related recommendation
Hiru TV News | Programmes