ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී තිබෙන අද (01) දිනයේ දේශපාලන පක්ෂ රැසක් විසින් පෙළපාලි, රැලි සහ උත්සව දිවයින පුරා සංවිධානය කර තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගයේ මැයි දින රැලි දිස්ත්‍රික්ක 21ක් ආවරණය වන පරිදි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර එම රැලි පැවැත්වෙන්නේ ජන රජයට ජන බලයක් තේමාවෙන්.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සහභාගිත්වයෙන් නුවරඑළිය නගර සභා ක්‍රීඩාංගනයේදී මෙන්ම අද පස්වරුවේ මහරගම තරුණ සේවා සභාව ඉදිරිපිටදීද ජාතික ජන බලවේගයේ මැයි දින රැලි පැවැත්වීමට නියමිතයි.
පච මදිවට හොරු යන්න තේමා කරගත් සමගි ජන බලවේගයේ මැයි දින රැලිය මෙවර පැවැත්වෙන්නේ මාලිගාවත්ත පී.ඩී.සිරිසේන ක්‍රීඩාංගනයේදී.
සමගි ජන බලවේගයේ මැයි දින රැලිය අද පස්වරු 2:00ට ආරම්භ වීමට නියමිතයි.
දූෂිත ආණ්ඩුවට එරෙහි ජන බලයක් තේමාවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින රැළිය මෙවර පැවත්වෙන්නේ බොරැල්ල කැම්බල් පිටියේදී.
රැලිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන නියෝජිතයින් ඇතුළු පාක්ෂිකයින් එක්විමටද නියමිතයි.
දියුණු ශ්‍රී ලංකාවක් වෙනුවෙන් මැයි හමුව යන්න තේමා කර ගත් සර්ව ජන බලය මෙවර මැයි දින රැලිය සංවිධානය කර ඇත්තේ කොළඹ 5 හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේදීයි.
සර්වජන බලය මැයි දින රැලිය අද උදෑසන 10:00 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙවර මැයි දින රැලියක් පවත්වන්නේ නැහැ.
මෙවර ඔවුන්ගේ මැයි දිනය ආගමික වතාවත් වෙනුවෙන් වෙන් කර තිබෙනවා.
අද පෙරවරු 8:00ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ටී.බී. ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපාහාර දැක් වීමෙන් අනතුරුව සියලුම ආසනවල ආගමික වතාවත් සිදු කිරීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු සූදානම් කර ඇත්තේ.
පසුව කැළණිය රජමහා විහාරස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමටද නියමිතයි.
මේ අතර අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩ කරන ජනතා බලයක් යන තේමා වෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මැයි දිනය මෙවර මරදාන හයිඩ් පිටියේදී පැවැත්වෙනවා.
ආර්ථික ස්වෛරීත්වය වෙනුවෙන් ජන බලයක් ගොඩ නගමු මැයෙන් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මැයි දින රැලිය බොරැල්ල පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
මේ අතර අද කොළඹ නගරය ආශ්‍රිතව පැවැත්වෙන මැයි දින රැලි හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වනවා.
ඒ අනුව මහරගම පැවැත්වෙන ජාතික ජනබලවේගයේ මැයි රැලිය හේතුවෙන් කොළඹට ඇතුළු වීමේදී හෝමාගම දෙසින් පැමිණෙන සියළු රථවාහන මහරගම ඔරලෝසු කණුව අසලින් වමට හැරී බොරලැස්ගමුව හන්දිය දක්වා ගමන් කර කොහුවල හරහා කොළඹ දෙසට පැමිණිය හැකියි.
හෝමාගම දෙසින් පැමිණෙන බර වාහන පන්නිපිටිය හන්දියෙන් තලවතුගොඩ දෙසට ගමන් කර රාජගිරිය හරහා කොළඹට පැමිණිය හැකියි.
යම් අවස්ථාවකදී රථවාහන තදබය අධික වුවහොත් පනාගොඩ හන්දියෙන් කොළඹ හයිලෙවල් මාර්ගයට රථවාහන ඇතුළු කිරීමට හැකියාවක් නොමැති බවත් එම රථවාහනවලට ලෝ ලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.
එසේම කොළඹින් පිටවීමේදී බොරැල්ල සිට හයිලෙවල් මාර්ගයේ මහරගම දෙසට පැමිණෙනන රථවාහන දෙල්කඳ හන්දියෙන් දකුණට හැරී රත්නපිටිය හන්දිය, බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතු වනවා.
කොළඹින් පිටවන බර වාහන නුගේගොඩ ගුවන් පාලම යටින් කොහුවල හන්දිය දක්වා ගමන් කර බොරලැස්ගමුව හන්දිය හරහා මහරගම ඔරලෝසු කණුව අසලින් හෝමාගම දෙසට ගමන් කළ යුතුයි.

Latest News
ඉරාන වරායන් ඉලක්ක කර ගත් නාවික අවහිරතා අමෙරිකා යුද මෙහෙයුම්වල තවත් දිගුවක්
Local
01 May 2026
මැයි මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනයක් නැහැ
Local
01 May 2026
මුදල් අමාත්‍යාංශ නිලධාරියාගේ මරණය: පශ්චාත් මරණ පරීක්ෂණය අද
Local
01 May 2026
ශ්රමයට නිසි ගෞරවය දෙන සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කරනවා - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
Local
01 May 2026
"රජය කම්කරු නීති ලිහිල් කරමින් ශ්‍රමික අයිතීන් කප්පාදු කරනවා" - විපක්ෂ නායක
Local
01 May 2026
"පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" වෙනුවෙන් කැපවෙමු: ජනපතිගෙන් කම්කරු දින ආරාධනයක්
Local
01 May 2026
ඊශ්‍රායලයෙන් එමීර් රාජ්‍යයට 'අයන් බීම්' ලේසර් ආරක්ෂණ පද්ධතියක්
Local
01 May 2026
පුර පසළොස්වක පුන් පොහොය අදයි
Local
01 May 2026
රට පුරා අද මැයි රැලි රැසක්
Local
01 May 2026
ජාත්‍යන්තර කම්කරු දිනය අදයි
Local
01 May 2026