General01 May 2026

පුර පසළොස්වක පුන් පොහොය අදයි

පුර පසළොස්වක පොහොය අද (01) දිනට යෙදී තිබෙනවා.

පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු සීල පාරමිතා වැඩසටහන වැලිගම අග්‍රබෝධි රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි.

උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයෙහි සමාදන් කරමින් හිරු සීල පාරමිතාව ආරම්භ වුණේ වැලිගම අග්‍රබෝධි රජමහා විහාර පරිවේණාධීපති පූජ්‍ය අගලකඩ විජිතධම්ම හිමියන්ගේ මෙහෙයවීමෙන්.

උදෑසන 7.30 ට පෝදා ධර්ම දේශනය රාජකීය පණ්ඩිත, දර්ශනපති, පූජ්‍ය වතුරවිල සුජාත හිමියන් විසින් සිදු කිරීමට නියමිතයි.

එසේම, අමා සිසිල ධර්ම සාකච්ඡාව, පෙරවරු 08.30 ට ආරම්භ වන්නේ වැලිගම අග්‍රබෝධි විහාරධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක මහාචාර්ය පූජ්‍ය මිදිගම සෝරත ස්වාමීන් වහන්සේ සහ මහාචාර්ය ප්‍රදීප් වීරසිංහගේ සහභාගීත්වයෙන්.

පෙරවරු 11.00 ට කාව්‍යමය ධර්ම දේශනාව කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes