General01 May 2026

ජාත්‍යන්තර කම්කරු දිනය අදයි

ජාත්‍යන්තර කම්කරු දිනය අද (01) දිනට යෙදී තිබෙනවා.

ලොවපුරා වැඩ කරන ජනතාව මෙවර මැයි දින සැමරුමට එක් වන්නේ 140 වැනි වරටයි.

වර්ෂ 1886 මැයි මස පළමුවැනිදා අමෙරිකාවේ චිකාගෝ නුවරට රැස්වූ කම්කරුවන් තමන්ට පැය 08ක සේවා මුරයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධතාවල නිරත වුණා.

දින කිහිපයක් පුරා පැවති විරෝධතාවලට පොලීසිය විසින් ප්‍රහාරයක් එල්ලකළ අතර එහිදී කම්කරුවන් විශාල පිරිසක් මියගොස් තවත් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවා.

එම අරගලය ආරම්භ වූ 1889 වසරේ මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් ලෝක කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත් කළා.

ඒ සමගාමීව ලොව සෑම රටක්ම මැයි මස පළමුවැනිදා ලෝක කම්කරු දිනය සමරනවා.
Related recommendation
Hiru TV News | Programmes