මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක සිද්ධියට වැඩ තහනම්ව සිටි, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන් 4 දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරනවා.
අමෙරිකානු ඩොලර් මිලියන 2.5 ක මුදලක් තුන්වන පාර්ශවයක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමකට ලක්ව සිටි මුදල් අමාත්‍යංශයේ නිලධාරින් 04 දෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ ඔහුගේ ගෙවත්තේ තිබියදී සොයාගැනුණා.
එය සියදිවි නසාගැනීමක් බවට පොලිසිය ප්‍රකාශ කළ අතර, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී මිනුර සෙනරත් ප්‍රකාශ කළේ, අද පැවැත්වෙන පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සිදුවූ ආකාරය තහවුරු වනු ඇති බවයි.
මෙලෙස මියගොස් තිබුණේ රංග නිශාන්ත නැමැති විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවය කළ සහකාර අධ්යක්ෂවරයෙක්.
50 හැවිරිදි වියේ පසුවන මොහුගේ කැපුම් තුවාල සහිත සිරුර කුලියාපිටිය - පහළවීරඹුව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ගෙවත්තේ තිබී ඊයේ දහවල් මෙලෙස සොයා ගත්තා.
මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම නිලධාරියා දින දෙකක් කැඳවා තිබුණත් ඔහු නොපැමිණි බවට පළමුව වාර්තා වී තිබුණත්, පසුව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කළේ විමර්ශන සඳහා පැමිණ ඇති ඔහු ලැප්ටොප් පරිගනක ඇතුලු දත්ත උපකරණද විමර්ශන අංශ වෙත භාරදී තිබූ බවයි.

Latest News
පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්
Local
01 May 2026
ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි
Local
01 May 2026
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්‍රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026
අපේ තීන්දු වර්ග දෙකයි: එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කැපීමට - ජනපති
Local
01 May 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර රථවාහන ධාවනය සීමා කෙරේ
Local
01 May 2026