පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාලව දත්ත ඇතුලත් කරනු ලැබූ නිලධාරින් ඇතුලු පස් දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන අධිකරණයට වර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ(30 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සිද්ධියට අදාල රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ලහිරු හර්ෂණ, පැතුම් සංකල්ප, සාරංග සේනාධීර ඇතුලු සැකකරුවන් සිව් දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කළා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් උප පොලිස් පරීක්ෂක විනෝද් කුමාර් සහ පොලිස් කොස්තාපල් ශාලික මහතා සඳහන් කර සිටියේ සිද්ධියට අදාලව පළමුවැනි සැකකරු 2022 වර්ෂය තුළ බැංකුවේ ක්‍රෙඩිට් අංශයේ පැවති ගනුදෙනු ක්‍රියාවලියක බිඳ වැටීමක් හේතු කරගෙන මෙම ජාවාරම සිදුකළ ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරින් මෙලෙස කරුණු දැක්වූවා.
උප පොලිස් පරීක්ෂක විනෝද් කුමාර් සහ පොලිස් කොස්තාපල් ශාලික යන නිලධාරින් මෙලෙස කරුණු දැක්වුවා.
"ස්වාමීනි සිද්ධියට අදාලව පලමු සැකකරු 2022 වර්ෂයේ බැංකු පද්ධතිය තුළ ක්‍රෙඩිට් අංශයේ පැවති ගණුදෙනු ක්‍රියාවලියේ බිඳවැටීමක් නිසා වෙනත් අංශයක් වෙත එහි තැන්පතු මාරු කර තැන්පත් කර තිබෙනවා. එම ක්‍රියාවක් සමඟ මෙම සැකකරු මෙම වංචාවට පෙළඹී ඇති බව ඔහු ලබා දුන් ප්‍රකාශවලදී සඳහන් කළා. එම මුදල් මොහු විසින් බයිනෑන්ස් (Binance) ගිණුම් හරහා අත්‍යන්ත මුදල් බවට පත් කර නැවතත් මෙම ගිණුමට යෙදවීමට සිතා සිටි බව සැකකරු ලබා දුන් ප්‍රකාශවල කියා සිටියා."
"නමුත් ස්වාමීනි, බැංකුවක පොදු ලෙජර් ගිණුමට පිටතින් මුදල් දාන්න බැහැ. තවද පලමු වැනි සැකකරු විසින් බැංකුවේ එම අංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුටම ත්‍යාග මුදල් උපකාර කර තිබෙනවා. මිලියන 150 , ලක්ෂ 15, ලක්ෂ හයක් වශයෙන් මුදල් ලබා දීලා"
"තවද තවත් පෞද්ගලික බැංකු ගිණුමකට මෙම සැකකරුගේ මුදල් යොමු කර තිබෙන බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා. මෙම සැකකරු තමාගේ සහෝදරයා වන දෙවන සැකකරුට එම බයිනෑන්ස් ගිණුමෙන් ලබාගන්නා මුදල් ට්‍රේඩින් කර ලබාගෙන නැවත පොදු ලේජර් ගිණුමට ඇතුළත් කරන ලෙසයි සැලසුම් කර තිබෙන්නේ."
"නමුත් ස්වාමීනි, ඊට සමානවම අත්‍යන්ත මුදල් ලබාගත් බවට තහවුරු වන්නේ නැහැ.දෙවන සැකකරුවන පැතුම් කොඩිකාර බයිනෑන්ස් ගිණුම් හරහා නැවත මුදල් ලබා ගැනීම සඳහා බැංකු කිහිපයකම ගිණුම් ආරම්භ කර තිබෙනවා. මොහුගේ බැංකු ගිණුම් පිළිබඳ තවදුරටත් විමර්ශනය කිරීමට සිදුව තිබෙනවා.පෙර දිනයේදී සඳහන් කරන පරිදි පළමුවන සැකකරු විසින් මූල්‍ය ආයතන විසි හයක් සම්බන්ධයෙන් අධිකරණ නියෝග ලබා ගත්තා විමර්ශනය සිදු කිරීමට."
"පළමු වැනි සැකකරුගේ එක් බැංකු ගිණුමක පමණක් පිටු විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ප්‍රගතිය වාර්තා කරන්න. එම බැංකු ගිණුම් සහ මූල්‍ය ආයතන 8 පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. "
"පළමු වැනි සැකකරු ඔහුගේ සහෝදරයාගේ ගිණුම්වලට ද විශාල මුදලක් බැර කර තිබෙනවා. තවද වෙනත් නමකින් සාදන ලද බයිනෑන්ස් ගිණුමකින් බිලියන දහයක මුදලක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. "
"සිද්ධියට අදාල හතරවන සැකකරුගේ බැංකු ගිණුමක කෝටි පහක් හා කෝටි දහයක මුදලක් බැර වී තිබෙනවා.බැංකුවේ ඉහල නිලධාරීන් 14 දෙනෙකු සම්බන්ධයෙන් මේ සිද්ධියට අදාලව විමර්ශන කටයුතු සිදු කරනවා. තාක්ෂණ අංශයේ නිලධාරීන් හතර දෙනකු ද සිද්ධියට අදාලව මේ වන විට අනාවරණය වී තිබෙනවා."
"සාරාන්‍යා සේනාධීර යන අයගේ නිල නාමය මුරපදය වෙනස් කරලා පළමුවන සැකකරු විසින් එම මුරපදය වෙනස් කර තිබියදී දෙවන සැකකරු විසින් වෙනස් කරන ලද මුරපදය භාවිතා කරමින් මෙම වංචාව සිදු කර තිබෙනවා."
"පළමු වැනි සැකකරු විසින් වෙනත් අයගේ නම් භාවිතා කර බයිනෑන්ස් සමාගමේ අභ්‍යන්තර මුදල් ගිණුම්වලට අදාලව කටයුතු කර තිබෙනවා. එසේ කර තිබෙන්නේ නැවත එම අත්‍යන්ත මුදල් ලංකාවේ මුදල් බවට පත්කර ගැනීමට.මෙම සැකකරු ලක්ෂ 85 ක මුදලක් යොදාගෙන ඉඩමක් ලබා ගෙන ඇති බව ද අනාවරණය වි තිබෙනවා. සිව්වන සැකකරු ඔහුගේ බයිනෑන්ස් ගිණුම අත්හිට වූ පසු පියාගේ නමින් බයිනෑන්ස් ගිණුමක් ඇතුළත් කරලා. ස්වාමීනි, බයිනෑන්ස් ගිණුමකට අත්‍යන්ත මුදල් ඇතුළත් කිරීමේදී ලංකාවේ බැංකු ගිණුම්ද ඇතුළත් කළ යුතුයි. එපමණක් නොව ඉන්දියාවේ ද බැංකුවක ගිණුම් ඇතුළත් වීමක් සිදු වෙනවා."
"2025 ජනවාරි මාසයේ මෙම සැකකරුගේ බයිනෑන්ස් ගිණුම අත්හිටුවීමට ලක් වෙලා තියෙනවා. එසේ අත්හිටුවා තියෙන්නේ මොහුගේ ගිණුමට දිනකට එහා මෙහා යන මුදල් ප්‍රමාණය කෙසේ පැමිණේද යන්න පිළිබඳව අනාවරණය කර ගැනීමට නොහැකි වීමයි."
මහේස්ත්‍රාත්වරයා
"පළමු වැනි සැකකරු සේවයට එන්නේ 2016 මෙම වංචාව සිදුවන්නේ 2024. මෙම සිද්ධියට අදාලව දත්ත ඇතුළත් කර සිටි අය සම්බන්ධයෙන්
මොනාද කර තිබෙන විමර්ශන."
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
"ස්වාමීනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් හර්ෂණී කාවින්ද්‍යා යන අයගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. ඇය එම බැංකුවේ දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙක් ලෙස සේවය කරනවා. පළමුවැනි සැකකරු විසින් ඇයට දත්ත ඇතුළත් කිරීම සඳහා ෆෝල්ඩර් ඇතුලත් ඊ මේල් එකක් දෙන බවයි. ඇය සඳහන් කළේ.
මහේස්ත්‍රාත්වරයා
"එම ඊමේල් ෆෝල්ඩර් සම්බන්ධයෙන් සහ එම පරිගණකය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්තුවාද?"
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
"ස්වාමීනි, ඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වමින් පවතිනවා."
මහේස්ත්‍රාත්වරයා
"පෙර නඩු දිනයේදී සඳහන් කර තිබෙනවා. මෙම සිද්ධියට අදාලව දත්ත ඇතුළත් කළ බව කියන එම බැංකුවේ නිලධාරීන් පස්දෙනෙක් ගැන. එම නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරන්න.දැඩි අවධානයක් යොමු කරන්න. බැංකුවක සේවය කරන නිලධාරීන් විසින් පළමුවැනි, දෙවැනි අවස්ථාවක මෙම ඊමේල් ඇවිත් සිද්ධියක් සිදු වුණා නම් එය අත්වැරැද්දක් බව පිළිගන්න පුළුවන්. නමුත් මේ සිදුවීම සිදුවන්නේ 2024 සිට ඒ නිසා දැඩි අවධානය යොමු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් පැහැදිලි වාර්තාවක් ලබා දෙන්න. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එසේ ක්‍රියා නොකර සිටීම බරපතල කාරණාවක්. වහාම මේ සම්බන්ධව මේ සතිය තුළ ක්‍රියා කළ කළ යුතුයි."
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ මෙම සැකකරුවන් විසින් මෙම පොදු ලේජර් ගිණුම හරහා 2619 වතාවක් ගනුදෙනු සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥවරයා මෙලෙස සඳහන් කළා.
" ස්වාමිනි, මෙම සැකකරුවන් මෙම සිද්ධියට අදාලව 2619 වතාවක් ගනුදෙනු කටයුතු සිදුකර තිබෙනවා. එම අවස්ථාවල මිලියන පනහ, මිලියන දහය බැගින් ගණන් තමයි ගනුදෙනු කරලා තියෙන්නේ. තවද පියාගේ නමිනුත් බයිනෑන්ස් ගිණුමක් විවෘත කරලා."
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් සඳහන් කර සිටියේ බිලියන 13ක වංචාවක් පෞද්ගලික බැංකුවක මෙතරම් කාලයක් සිදුවන තෙක් එම බැංකුවේ විගණන ක්‍රියාවලිය සිදු නොවුණේද යන්නයි.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරුන් මෙලෙස කරුණු දැක්වූවා.
"ස්වාමීනි, මෙම සිද්ධිය සිදුවන්නේ පෞද්ගලික බැංකුවක. 2024 ඉඳන් මෙම සිද්ධිය සිදුවෙනවා නම් බැංකුවක් තුළ සතියෙන් සතිය විගණන වාර්තා සිදුවන්නේ නැද්ද. මාසයකට වතාවක්වත් විගණන කටයුතු සිදුවෙනවා. විගණන සිදු කරන පුද්ගලයන් මොනවද කරේ? එම වාර්තාවලින් අහු වුණේ නැද්ද? මගේ සේවාදායකයන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් ඵලක් නැහැ. මෙම සිද්ධියට අදාල හවුල්කරුවන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. බැංකුව ඉදිරිපත් වන්නේ නැහැ බැංකුව බයයි.
ඉදිරිපත් වූ සියලු කරුණු විමර්ශනය කළ මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග නිකුත් කළා.
මහේස්ත්‍රාත්වරයා
"සිද්ධියට අදාල තුන්වන සැකකරුගේ බැංකු ගිණුම් විමර්ශනය කළ යුතුයි. ඔහුගේ ගිණුමේ මුල්‍ය ප්රතිලාභ ලබාගෙන තිබෙනවාද යන්න ආදිය පිළිබඳව.සිද්ධියට අදාල පූර්ණ පරීක්ෂණ ප්‍රගති වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියෝග කරනවා. දත්ත ඇතුළත් කරන ලද නිලධාරීන් පස්දෙනාගෙන් ප්‍රකාශ සටහන් කරන්න. සාපරාදී වරදක් සිදුව තිබේද යන්න නිශ්චිතවම කරුණු දක්වා මීළඟ නඩු දිනයේදී අධිකරණයට වාර්තාවක් යොමු කරන්න."
"2024 සිට එම පෞද්ගලික බැංකුවේ සියලුම විගණන වාර්තා ගැන විමර්ශනය කරන්න. අභ්‍යන්තර වාර්තා රැගෙන ඉහළ නිලධාරීන්ගෙන් මෙම සිද්ධිය අනාවරණය වෙලා තියෙනවාද යන්න විමර්ශනය කරන්න. එම අවස්ථාවේදි බැංකුවේ පරිගණක පද්ධතියේ සියලුම සුපරීක්ෂකවරුන් ඒ සම්බන්ධයෙන් දැන සිටියේද යන්න ප්‍රකාශ සටහන් කරගන්න."
"සිද්ධියට අදාල හතරවන සැකකරු 2024 සිට බයිනෑන්ස් ගිණුමට බද්ධ වී ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් එක්ව කටයුතු කර තිබේද යන්න විමර්ශනය කරන්න.තවද මෙම බැංකුවේ මුදල් මාසිකව වෙන්වී ගිය ආකාරය සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන්න." ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බැවින් සැකකරුවන් ලබන 14 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළා.

Latest News
පක්ෂ රැසක මැයි දින රැළි ඇරඹේ
Local
01 May 2026
පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්
Local
01 May 2026
ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි
Local
01 May 2026
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්‍රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026
අපේ තීන්දු වර්ග දෙකයි: එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කැපීමට - ජනපති
Local
01 May 2026