International02 May 2026

බ්‍රිතාන්‍යයේ වෙසෙන අමෙරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි

එක්සත් රාජධානියේ වෙසෙන අමෙරිකානුවන්ට පොදු ස්ථානවල විමසිලිමත් වන ලෙසත්, ප්‍රසිද්ධියේ කැපී පෙනෙන ලෙස හැසිරීමෙන් වළකින ලෙසත් මෙන්ම තමන්ගේ පෞද්ගලික ආරක්ෂක සැලසුම් පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙසත්, ලන්ඩනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.

ඔවුන් එසේ දැනුම් දී ඇත්තේ, බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන් එරට ජාතික ත්‍රස්තවාදී තර්ජන මට්ටම දෙවන මට්ටම දක්වා ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමගයි.

"එක්සත් රාජධානිය තුළ ඉස්ලාමීය සහ අන්ත දක්ෂිණාංශික ත්‍රස්තවාදී තර්ජන ඉහළ යාම හේතුවෙන් මෑතකදී මෙම ත්‍රස්තවාදී තර්ජන මට්ටම ඉහළ ගොස් ඇත," යනුවෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ආරක්ෂක නිවේදනයක සඳහන්.

පසුගිය සතිය මුලදී උතුරු ලන්ඩනයේදී සිදු වූ යුදෙව් විරෝධී පිහි ඇනුමකින් පසුව, බ්‍රිතාන්‍යය සිය ජාතික ත්‍රස්තවාදී තර්ජන මට්ටම පසුගිය බ්‍රහස්පතින්දා දින 'සැලකිය යුතු' (substantial) මට්ටමේ සිට 'දරුණු' (severe) මට්ටම දක්වා ඉහළ නංවා තිබෙනවා.

-රොයිටර්ස්-
Related recommendation
Hiru TV News | Programmes