ඉරානය සමග පවතින යුද්ධය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර ඇති වූ වාග් සංග්‍රාමයක් මධ්‍යයේ, ජර්මනියෙන් අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කර ගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඉරාන සාකච්ඡාකරුවන් හමුවේ අමෙරිකාව අපහසුතාවයට පත්ව ඇති බවට චාන්සලර් මර්ස් කළ ප්‍රකාශය ට්‍රම්ප්ගේ විවේචනයට ලක්ව දිනකට පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.
පසුගිය බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍ය සටහන් තබමින් ට්‍රම්ප් පැවසුවේ, මර්ස් "ඉතා දුර්වල කාර්යභාරයක්" ඉටු කරන බවත්, ඔහුට ආගමන විගමන සහ බලශක්ති ක්ෂේත්‍ර ඇතුළු සෑම අතින්ම ගැටලු පවතින බවත්.
මීට අමතරව ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන් ද අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගැනීම පිළිබඳව ට්‍රම්ප් ඉඟි කර තිබෙනවා.
පසුගිය දෙසැම්බර් මාසය වන විට ජර්මනිය පුරා විසිරී ඇති හමුදා කඳවුරුවල සක්‍රීය සේවයේ යෙදී සිටින අමෙරිකානු සෙබළුන් 36,000කට වැඩි පිරිසක් සිටින අතර, එය සැලකිය යුතු මිලිටරි බලයක්.
පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නල් පැවසුවේ ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මෙම නියෝගය ලබා දී ඇති බවයි.
මෙම ඉවත් කිරීමේ කටයුතු ඉදිරි මාස 6ත් 12ත් අතර කාලය තුළ අවසන් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
නේටෝ (NATO) සංවිධානයේ දීර්ඝකාලීන විවේචකයෙකු වන ට්‍රම්ප්, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ මෙහෙයුම් සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කරන සිය මිත්‍ර රටවල් කෙරෙහි දැඩි ලෙස කෝපයට පත්ව සිටින බව සඳහන්.
ඉතාලිය සහ ස්පාඤ්ඤය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ, "ඉතාලිය අපට කිසිදු උදව්වක් කර නැහැ, ස්පාඤ්ඤයත් ඉතා දරුණුයි. ඒ හැම අවස්ථාවකදීම ඔවුන් කිව්වේ 'අපි මේවට මැදිහත් වෙන්න කැමති නැහැ' කියලයි," යනුවෙන්.
මීට පෙර මර්ස් විශ්වවිද්‍යාල සිසුන් අමතමින් කියා සිටියේ අමෙරිකානුවන්ට පැහැදිලි උපාය මාර්ගයක් නොමැති බවත්, ඉරාන නායකත්වය හමුවේ මුළු අමෙරිකානු ජාතියම අවමානයට ලක්වෙමින් පවතින බවත්.
මීට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් සිය 'Truth Social' ගිණුමේ සටහන් කර තිබුණේ මර්ස් පවසන දේ ඔහු පවා නොදන්නා බවත්, ජර්මනිය ආර්ථික වශයෙන් මෙතරම් පසුබෑමකට ලක්ව ඇත්තේ මන්දැයි මෙයින් පැහැදිලි වන බවත්.
යුරෝපය තුළ අමෙරිකානු හමුදාවන් වැඩිම පිරිසක් ස්ථාපිත කර ඇත්තේ ජර්මනියේ වන අතර, ඉන් පසුව ඉතාලියේ 12,000ක් සහ එක්සත් රාජධානියේ 10,000ක් පමණ රැඳී සිටිනවා.
මීට පෙර 2020 වසරේදී ද ජර්මනියෙන් සෙබළුන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් යෝජනා කළද එය කොංග්‍රස් මණ්ඩලය විසින් වළක්වන ලද අතර, පසුව ජනාධිපති ජෝ බයිඩන් විසින් එම තීරණය අහෝසි කර තිබෙනවා.
පසුගිය වසරේදී ද රුමේනියාවේ සිටි අමෙරිකානු සෙබළුන් පිරිසක් අඩු කිරීමට ට්‍රම්ප් පියවර ගත් අතර, එම පියවර ගනු ලැබුවේ අමෙරිකානු මිලිටරි අවධානය යුරෝපයේ සිට ඉන්දු-පැසිෆික් කලාපය දෙසට යොමු කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුමේ කොටසක් වශයෙන්.
-BBC-

Latest News
මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදී
Local
02 May 2026
ඉදිරියේදී පොහොර මිලත් ඉහළ යන ලකුණු: නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් ඉඟියක්
Local
02 May 2026
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026
ජර්මනියේ සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කිරීමට සැරසෙයි
Local
02 May 2026
බ්‍රිතාන්‍යයේ වෙසෙන අමෙරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි
Local
02 May 2026
වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි
Local
02 May 2026
මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට
Local
02 May 2026