General03 May 2026

චමින්ද කුලරත්නගේ සේවය තහනම් කිරීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයෙන් ප්‍රතිචාර

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කළ චමින්ද කුලරත්නගේ සේවය තහනම් කිරීම හා නිළධාරීනියන්ට හිරිහැර කිරීම ඇතුළු සිදුවීම් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය යොමුකර ඇති ලිපිය පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ විශේෂ අවදානය යොමුව තිබෙනවා.

ඒ අනුව, අදාළ සිදුවීම් සමීපව නීරීක්ෂණය කරන බවයි එහි ලේකම් ස්ටීවන් ටුවිග්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ වෙත ප්‍රතිචාර දක්වමින් දැනුම් දී ඇත්තේ.

එම ලිපියේ කරුණු සම්බන්ධයෙන් කතානායකවරයාගේ අවදානය යොමුකරවන බව ඔහු තමන්ට දැනුම් දී ඇති බව ප්‍රේමසිරි මානගේ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
Related recommendation
Hiru TV News | Programmes