International06 May 2026

ඉරාන විදේශ ඇමති චීනයට

ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි චීනයේ, බීජිං අගනුවර වෙත පැමිණ තිබෙනවා.

චීනයේ ඉහළ රාජ්‍ය නායකයින් සමග විශේෂ සාකච්ඡාවකට සහභාගී වීම සඳහා ඔහු මෙලෙස චීනයේ සංචාරයකට එක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාච්චි, චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී සමඟ දෙරට අතර සබඳතා, කලාපීය තත්ත්වයන් සහ ගෝලීය උපායමාර්ගික ගැටලු‍ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.

මැදපෙරදිග යුද්ධයේ උණුසුම සහ විශේෂයෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය වටා ගොඩ නැගී ඇති ආරක්ෂක සහ දේශපාලනික අවදානම් තත්ත්වය හමුවේ ලෝක තෙල් සැපයුම් මාර්ගයන්ට බලපෑම් එල්ල වී ඇති මොහොතක මෙම සංචාරය සිදුවීම කෙරෙහි ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes