තායිලන්තයේ මහා වජිරලොන්කෝන් (Maha Vajiralongko) රජුගේ වැඩිමහල් දියණිය වන බජ්රකිටියාභා මහිදොල් (Bajrakitiyabha Mahidol) කුමරිය වයස අවුරුදු 47ක්ව තිබියදී අභාවප්‍රාප්ත වූ බව එරට රජමාලිගය නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා
තායිලන්ත ජනතාව අතර 'භා කුමරිය' (Princess Bha) ලෙස බෙහෙවින් ආදරයට පාත්‍ර වූ ඇය, පසුගිය වසර හතරකට ආසන්න කාලයක් පුරා දැඩි සත්කාර ඒකකයේ කෝමා (Coma) තත්ත්වයේ පසු වෙමිනුයි ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටියේ.
පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේදී සිය සුරතල් සුනඛයින් පුහුණු කරමින් සිටි අවස්ථාවකදී ඇති වූ දරුණු හෘදයාබාධයක් හේතුවෙන් ඇය දැඩි ලෙස රෝගාතුර වී රෝහල් ගත කෙරුණා.
එතැන් පටන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාලිගයෙන් තොරතුරු නිකුත් වූයේ ඉතාම කලාතුරකිනි.
කෙසේ වෙතත්, මැයි මාසයේ මුල් භාගයේදී ඇයගේ ශරීරයේ ඉන්ද්රියයන් කිහිපයක ඇති වූ දරුණු ආසාදන හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය තවත් බරපතල වූ බවත්, අක්‍රමවත් හෘද ස්පන්දනය පාලනය කිරීමට වෛද්‍යවරුන්ට නොහැකි වූ බවත් වාර්තා වුණා.
මීට අමතරව උදරයේ සහ බඩවැල්වල ඇති වූ ආසාදන හේතුවෙන් ඇයගේ රුධිර පීඩනය පහත වැටී තිබූ අතර, අවසාන කාලයේදී ඇයගේ ශ්වසන සහ වකුගඩු ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පවත්වාගෙන යනු ලැබුවේ වෛද්‍ය උපකරණ ආධාරයෙනුයි.
1978 වසරේදී උපත ලැබූ බජ්රකිටියාභා කුමරිය ඇමරිකාවේ කෝනෙල් විශ්වවිද්‍යාලයෙන් (Coell University) ආචාර්ය උපාධියක් ඇතුළු ඉහළ අධ්‍යාපන සුදුසුකම් රැසක් සපුරා තිබූ දක්ෂ රාජ්‍ය තාන්ත්රිකවරියක්.
ඇය ඔස්ට්‍රියාවේ තායිලන්ත තානාපතිවරිය ලෙසත්, එරට නීතිපති කාර්යාලයේ මෙන්ම රාජකීය ආරක්ෂක බලකායේ ඉහළ තනතුරු රැසක් ද හෙබවූවා.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ සුහදතා තානාපතිවරියක ලෙස කටයුතු කළ ඇය, කාන්තා සිරකාරියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජාත්‍යන්තර මට්ටමින් හඬක් නැඟූ චරිතයක් ලෙස ද කැපී පෙනුණා.
ඇයගේ අභාවයත් සමඟ තායිලන්ත රාජාණ්ඩුවේ මීළඟ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳව මේ වන විට දැඩි කතාබහක් සහ ගැටලුකාරීත්වයක් නිර්මාණය වී තිබෙනවා.
තායිලන්තයේ පවතින දැඩි රාජද්‍රෝහී නීති (Lese Majesty Law) හේතුවෙන් රජ පවුල විවේචනය කිරීම වසර 15ක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින්, මේ පිළිබඳව ප්‍රසිද්ධියේ සාකච්ඡා කිරීම සීමාසහිත වුවත්, බොහෝ දේශපාලන විචාරකයින් විශ්වාස කළේ ඇය තායිලන්තයේ මීළඟ ඔටුන්න හිමි කුමරිය වීමට වඩාත්ම සුදුසු රාජකීයයා බවයි.
මහා වජිරලොන්කෝන් රජු සිව් වතාවක් විවාහ වී දරුවන් හත්දෙනෙකු සිටියද, නිල රාජකීය පදවි නාමයන් හිමිව තිබුණේ බජ්රකිටියාභා කුමරිය ඇතුළු දරුවන් තිදෙනෙකුට පමණි.
තායිලන්ත ඉතිහාසයේ මෙතෙක් කිසිදු රැජිනක රට පාලනය කර නොමැති පසුබිමක, ඇයගේ අභාවය එරට අනාගත දේශපාලන සහ රාජකීය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි විදේශීය විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ.

Latest News
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026
කටුනායක වෙඩි තැබීමක්
Local
15 July 2026
මහා භාණ්ඩාගාර වංචා සිද්ධියට අදාලව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඊමේල් දත්ත පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයට දෙන්න: ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට නියෝග
Local
15 July 2026
'' චාමර සම්පත්ගේ පළතුරු වට්ටි කතාව බොරු" - සිරිල් ගාමිණී පියතුමන්
Local
15 July 2026
පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුලු සැකකරුවන් විසි අටකට එරෙහිව පවරා ඇති නඩුව : නීතිපති උපදෙස්වලට
Local
15 July 2026
හිටපු අමාත්‍ය මර්වින් සහ ප්‍රසන්න රණවීර ඇතුළු හයකට අධිචෝදනා
Local
15 July 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 7.19කින් පහළට
Local
15 July 2026
පොලිසියේ නමින් සහ රජයේ GovPay අනුකරණය කරමින් ක්‍රියාත්මක වන SMS මූල්‍ය වංචාවක් ගැන හදිසි අනතුරු ඇඟවීමක්!
Local
15 July 2026
CBL සමපෝෂ අනුග්‍රහයෙන් පළාත් පාසල් ක්‍රීඩා උළෙල ජූලි 21දා ඇරඹේ
Local
15 July 2026