International12 June 2026

ජී-7 සමුළුව අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර හමුවක්!

ප්‍රංශයේ පැවැත්වීමට නියමිත G7 රාජ්‍ය නායක සමුළුව අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරනවා.

මෙම හමුව ජූනි 16-17 යන දිනවලදී සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව සඳහා තමන් සහභාගී වන බව ජනාධිපති ට්‍රම්ප් මේ වන විටත් තහවුරු කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය මෝදිගේ මෙම ප්‍රංශ සංචාරය අදියර දෙකකින් සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව සංචාරයේ පළමු අදියර ජූනි 13-14 දිනවලදීත්, දෙවන අදියර ජූනි 16-19 දිනවලදීත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

මෙම රාජ්‍ය සංචාරය අතරතුර, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජූනි 14 වැනිදා ප්‍රංශයේ නිස් නුවරදී එරට ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.

ඉන්දියාව සහ ඇමෙරිකාව අතර ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් මේ දිනවල පවතින සාකච්ඡා පසුබිම් කරගනිමින්, මෙම බලාපොරොත්තු සහගත මෝදි-ට්‍රම්ප් හමුව සිදුවීම විශේෂත්වයක්.
Related recommendation
Hiru TV News | Programmes